මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකරය ගහන්න අලුත් කෙනෙක් සොයයි

ආනයනික විදේශීය මත්පැන්, දේශීයව නිෂ්පාදිත විදේශීය මත්පැන්, සහ දේශීය මත්පැන් සඳහා දැනට ආරක්ෂක සලකුණු මුද්‍රණය කිරීමේ සේවාව පවරා ඇති ආයතනයේ කොන්ත්‍රාත් කාලසීමාව 2027 වසරේ ජනවාරි 01 දිනෙන් අවසන්වීමට නියමිතයි.

ඒ, අනුව ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ තනි – අදියර ද්විත්ව කවර ලංසු කැඳවීමේ ක්‍රමවේදය භාවිත කරමින් අදාළ දත්ත පද්ධතිය සඳහා අවශ්‍ය ආරක්ෂක සලකුණු සහ පද්ධති කළමනාකරණ සේවා සැපයීම පිණිස වසර 05ක කාලසීමාවක් සඳහා සුදුසු සේවා සැපයුම්කරුවෙකු තෝරා ගැනීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

2021-10-16 දිනැති අංක 2249/50 දරන අති විශෙෂ ගැසට්‌ පත්‍රයේ පළ කරනු ලැබ ඇති අංක 10/2021 දරන සුරාබදු නිවේදනය මඟින් ආනයනික විදේශීය මත්පැන්, දේශීයව නිෂ්පාදිත විදේශීය මත්පැන්, සහ දේශීය මත්පැන් සඳහා ආරක්ෂක සලකුණු යෙදීම 2021-01-03 දින සිට බලපැවැත්වෙන පරිදි අනිවාර්ය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව - TIN එක වෙනුවට දාලා තියෙන්නේ තිතක්
06:27
Video thumbnail
ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැ#දී බිහිසුණු අනතුරක් - රියදුරුට සහ සහයකයාට බරපතළයි
00:46
Video thumbnail
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු මාර ගස ඉවත් කරයි - ගමනාගමනය යථා තත්ත්වයට
01:10
Video thumbnail
"මඟුලක් කියවන්න එපා...ඔයා මහත්තයෝ බූ#රුවා"සෆාරි රියදුරන්ට සත්තම දැම්ම පුද්ගලයා..
01:29
Video thumbnail
හෝමාගම ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි - පවුලේ අය හඬා වැටෙයි
01:23
Video thumbnail
ඔයාට අයිතියක් නෑ අයිසේ අයිසේ කියලා කියන්න - PHI නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම නිසා උණුසුම්
02:31
Video thumbnail
කථානායක පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් එක්ක පැටලෙයි - මේ සෙල්ලම මෙහෙම කරන්න බෑ
04:19
Video thumbnail
අර්චුනාට මෝ#යා කිව්ව නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මානසික රෝගියෙක් නිසා ඉවසගෙන ඉන්නේ
07:02
Video thumbnail
අර්චුනා නැගිටලා කියපු දේට රෝහිණීටයි ප්‍රසාද් සර්ටයි හොඳටම හිනා - බොහොම ස්තූතියි බොහොම ස්තූතියි
02:18
Video thumbnail
ඩෙංගු බලන්න ගිය නිලධාරීන්ට නිවසකින් ගිනි අවියක් හමුවෙයි - නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට
05:50