දිවයිනට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත්

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය දිවයින ආසන්න මුහුදු ප්‍රදේශයේ තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහිත තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 වැඩි තද වැසි ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයා ගිහින් ආණ්ඩුවට උදව් කරන්න - රනිල් සජිත්ගේ මුහුණටම කියයි
06:42
Video thumbnail
මෙහෙම කරන්න කියලා සජිත්ගෙන් ඉල්ලීමක් කළේ නාමල් රාජපක්ෂ
01:20
Video thumbnail
මම පාර්ලිමේන්තුවෙන් යනවා - ආවෙත් කැමැත්තෙන් නෙමෙයි
02:01
Video thumbnail
රනිල්ව ළඟ තියාගෙන සජිත්, ජනපතිට අනතුරු අඟවයි
01:58
Video thumbnail
නාමල්ට සජිත්ගෙන් ලැබුණු පිළිගැනීම
01:34
Video thumbnail
මේ චාමර සම්පත් එක්ක ඕවා එපා - වෙන කාත් එක්ක හරි තියාගන්න
01:41
Video thumbnail
"ඇතුලේ යන්න කළින් කියන්නම්කෝ" - චාමර කියාගෙන කියපු කතාවට හැමෝම බඩ අල්ලන් හිනාවෙයි
00:17
Video thumbnail
බලන්න අපේ මිනිස්සුන්ගේ විදිහ.. තැනක් කොතනක් නෑ.. ඉන්නේ කවුදවත් දන්නේ නෑ..
01:27
Video thumbnail
අනුර කුමාර අද ඒකාධිපති නායකයෙක් වෙලා
06:43
Video thumbnail
"ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ" - රට හදන්න එන ශාන්ත බණ්ඩාරට පුතා හදාගන්න බැරිවුණු හැටි
02:46