Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පළාත් 05කට සහ දිස්ත්‍රික්ක 03කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු – මැද සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල, මුලතිව්, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (11) පස්වරු 1.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ නිවේදනයේ සඳහන් වනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.