ශ්‍රී ලංකාව අශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, ඉදිරි පැය 48 තුලදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මෙම පද්ධතියේ බලපෑම මත, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.













