NDB බැංකුවේ සිදුවී ඇති මූල්‍ය වංචාව ගැන COPF කමිටුව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කරුණු විමසයි

NDB බැංකුවේ සිදුව ඇති බව කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කරුණු විමසනනු ලැබුවා.

එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, අජිත් අගලකඩ, එම්.කේ.එම් අස්ලම්, සුනිල් රාජපක්‍ෂ සහ චම්පික හෙට්ටිආරච්චි යන අයගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා (05) රැස්වූ අවස්ථාවේ දී මෙසේ NDB බැංකුවේ මූල්‍ය වංචාව පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කරුණු විමසා සිටියා.

NDB බැංකුවේ සිදුවී ඇති මූල්‍ය වංචාව පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කාරක සභාවට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම වංචාව හේතුවෙන් NDB බැංකුවේ කොටස් මිල පහත වැටීමට සහ ශ්‍රේණිගත කිරීම් අවප්‍රමාණය වීමට සෘජුවම බලපා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනු ලැබුවා.

මෙහිදී බැංකුවල අභ්‍යන්තර පාලන පද්ධතිවල දුර්වලතා සහ විගණන කමිටුවල වගකීම පැහැර හැරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

මෙම වංචාව හඳුනාගැනීමට අභ්‍යන්තර විගණන කමිටුව, බාහිර විගණන ආයතනය, අධ්‍යක්ෂ්‍ය මණ්ඩලයේ විගණන කමිටුව හා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් වූයේ කෙසේද යන්න රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් ප්‍රශ්න කර සිටියා.

මෙම වංචනික ක්‍රියාවලිය සිදුවන කාලසීමාව තුළ එවැනි අසාමාන්‍යතා පිළිබඳව කිසිදු කරුණක් මතු කර නොතිබූ බව ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් මෙහිදී කාරක සභාවට පැවැසුවා.

තවද, වංචාව සිදුවූ කාලසීමාවේ සිටි විගණන කමිටුවම තවදුරටත් එම කටයුතුවල නිරත වීම සහ ඔවුන් විසින්ම තමන් පිළිබඳව විමර්ශනයක් කිරීම ගැටලුකාරී තත්ත්වයක් බව කාරක සභාව පෙන්වා දුන්නා.

එමෙන්ම, බාහිර විගණන කටයුතුවල විනිවිදභාවය ඉහළ නැංවීමේ අවශ්‍යතාවය ද කාරක සභාව විසින් අවධාරණය කළා.

වර්තමාන තාක්ෂණික දියුණුව හමුවේ බැංකු විසින් අනුගමනය කරනු ලබන යල් පැනගිය ආරක්ෂක ප්‍රමිතීන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, සියලුම බැංකු සඳහා පොදු වූ අවම තාක්ෂණික මට්ටමක් සහ නියාමන රාමුවක් පවත්වාගෙන යාමේ වැදගත්කම කාරක සභාව විසින් අවධාරණය කරනු ලැබුවා.

ඉදිරියේදී මෙවැනි වංචා වැළැක්වීමත්, සමස්ත බැංකු ක්ෂේත්‍රයේම සුරක්ෂිතභාවය තහවුරු කිරීමත් සඳහා කෘතිම බුද්ධිය සහිත නවීන තාක්ෂණික පද්ධති හඳුන්වා දීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරුණා.

වංචා කළමනාකරණය සඳහා නව තාක්ෂණික රෙගුලාසි පැනවීම පිළිබඳවද කාරක සභාව මහ බැංකු නිලධාරීන්ගෙන් විමසා සිටියා.

බැංකුවල වංචා කළමනාකරණ පද්ධති (Fraud Management Systems) වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි නිකුත් කිරීමට මහ බැංකුවේ අවධානය යොමු වී ඇති අතර, ඒ පිළිබඳව මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බව එහිදී අදහස් දක්වමින් මහ බැංකු නිලධාරීන් කාරක සභාවට දැන්වූවා.

තවද, මෙදින ආගාමික හා විගාමික පනත යටතේ පාර්ලිමේන්තු අනුමතියට ඉදිරිපත් කිරීමට නියමිත රෙගුලාසි ද කාරක සභාවේදී සලකා බලා අනුමත කරනු ලැබුවා.

එම රෙගුලාසි මගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දිරිගැන්වීම සඳහා තෝරාගත් රටවල් 40ක පුරවැසියන් සඳහා දින 30ක කාලසීමාවකට යටත්ව නොමිලේ විද්‍යුත් සංචාරක අවසර පත්‍ර (ETA) නිකුත් කිරීමට යෝජනා කර තිබෙනවා.

එමෙන්ම මෙම වැඩපිළිවෙළ වසරක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිතයි.

ඉන්පසු මෙය ඉදිරි වසර කිහිපයට ද ක්‍රියාත්මක කිරීම සලකා බැලීමට නියමිතයි.

තවද මෙහිදී 2024 වර්ෂයේදී පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණු විද්‍යුත් වීසා ක්‍රමවේදය පිළිබඳ විගණකාධිපති වාර්තාව අනුව ගත් ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා වුණා.

ඊට සමගාමී මුදල් කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳව කාරක සභා සභාපතිවරයා සහිපත් කළා.

ඒ අනුව එම වාර්තා නිල වශයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලැබුණු වහාම ඒ ගැන ක්‍රියාත්මක වන බව එම නිලධාරීන් පැවසුවා.

තවද මෙය තවමත් පොලිසිය විමර්ශනය කරන කටයුත්තක් වන බව නිලධාරීහු කාරක සභාවට දැන්වූවා.

එසේම පසුගිය කාලය සිදුවූ සයිබර් පද්ධති දෝෂ මගහරවා ගැනීම උදෙසා විසා ඇයඳුම්පත් තොරතුරු දැනගැනීම සඳහා (application status) පෙර තිබූ අනුක්‍රමික අංකයට අමතරව උපන්දිනය හා ගමන් බලපත්‍ර අංකය අනිවාර්ය කර ඇති බව නිලධාරීන් කරකසභාවට දැන්වුවා.

එමෙන්ම විදෙස් සංචාරකයන් නීති විරෝධී සංචාරක ව්‍යාපාර වල නියැලීමට පිළිබඳව ද කාරක සභාව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරනු ලැබුවා.

එහිදී එම විදේශිකයන්ගේ වීසා අවලංගු කර ආපසු හරවා ඔවුන්ගේ රටවලට යවන බවත් පොලිසිය හා එක්ව සංචාරක සමයේ වැටලීම් සිදු කරන බවත් නිලධාරින් වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෘත්තීය අධ්‍යාපනය ගැන රෝහිනී කට අරියි..NVQ Level 4 කරපු අයට විශ්වවිද්‍යාලයට එන්න ඉඩ දෙන්න
07:57
Video thumbnail
🔴Breaking News
01:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.08
27:16
Video thumbnail
දෙනියායේ දරුවන් අතර පැතිර යන රෝගය ගැන විශේෂ හෙළිදරව්වක්
04:22
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කපිල චන්ද්‍රසේනගේ සිරුර පොලිස් මෘතශරීරාගාරයට රැගෙන ගිය හැටි
05:21
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ ම#ණය පිටිපස්සේ ඉන්නේ කවුද..?
08:28
Video thumbnail
රාජාංගනේ සද්ධාරතන හිමිව පන්සලටම ඇවිත් අත්අඩංගුවට ගත් හැටි.."ජංගම දුරකථන තියෙනවද ? කෝ දැන්"
00:59
Video thumbnail
ශ්‍රීලන්කන් හිටපු CEO කපිලගේ නිසල සිරුර නිවසින් රැගෙන ගිය හැටි
01:18
Video thumbnail
කපිලට දැඩි මානසික පීඩාවක් ලබා දීලා ?.. කපිල ගැන පොහොට්ටුවේ රමේෂ් එළියට දාපු දේ..
02:21
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යෑම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්..නම් එක්ක එළියට දාපු දේ
09:23