සමන්තුරේ නගර සභා, කල්මුණෙ ප්‍රාදේශ සභා ඡන්දය පවත්වන්නැයි නියෝගයක්

සමන්තුරේ නගර සභාවේ සහ කල්මුණෙ ප්‍රාදේශ සභාවේ මැතිවරණ වහාම පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියෝග කළා.

සමන්තුරේ නගර සභාවේ සීමා නිර්ණයන් පිළිබඳ කටයුතු වහාම අරඹන ලෙස පළාත් පාලන අමාත්‍යවරයාට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය කල්මුනේ ප්‍රාදේශිය සභාව සහ සමන්තුරේ නගර සභා සම්බන්ධ සීමා නිර්ණ කටයුතු අවසන් වීමෙන් පසු එම ප්‍රදේශ ගැසට් නිවේදකයන් මගින් ප්‍රකාශයට පත්කරන ලෙස ජනාධිපතිවරයාට නියෝග කරනු ලැබුවා.

සමන්තුරේ ප්‍රදේශයේ පදිංචි ඡන්දදායකයන් දෙදෙනක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගෙන තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එසේ නියෝග කළා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා” ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අභයකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම විභාග කරනු ලැබුවා.

සමන්තුරේ පදිංචිකරුවන් වන මොහොමඩ් සලින් සහ මොහොමඩ් අසීම් නමැති ඡන්දදායකයන් ගොනුකර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම” සීමා නිර්ණ කොමිසම යන එම කොමිෂන් සභාවල සාමාජිකයන්” අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් නම් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර
00:32
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර - ගෙදර දින කිහිපයක් ඉදන් වහලා තියලා
01:47
Video thumbnail
දැරණියගල උණුසුම්වූ සිද්ධිය ගැන නි.පොලිස්පතිගෙන් සැර කතාවක් - ඔය හිටියේ ප්‍රදේශයේ අයිස් විකුණන කට්ටිය
05:00
Video thumbnail
ඩෙංගු අධි වසංගත තත්ත්වයක් තියෙන්නේ - දන්සල් දෙන්න කළින් මේක දැනගන්න
02:05
Video thumbnail
රටේ හොඳ දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවා - විජිත හේරත් හරිම සතුටින් කිව්ව දේ
03:31
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි - "තුන් පාරක් හුස්ම ඇවිත් හුස්ම නැතිවෙලා අම්මගේ"
01:56