විදෙස් ගත ලාංකිකයින්ට ලොකු සහනයක්! රජයෙන් හිමිවන දේ මෙන්න

විදේශ රටවල සේවයේ සිටියදී මියගිය ශ්‍රී ලාංකිකයින්ගේ පවුල්වලට රුපියල් කෝටි තුනක වන්දි මුදල් ලබා දීමට කටයුතු කළ බව විදේශ අමාත්‍යාංශය පවසනවා.

මැදපෙරදිග ඇතුළු විවිධ රටවලදී සේවය කරමින් සිටියදී මියගිය ලාංකිකයින්ගේ පවුල් වෙත මෙම වන්දි මුදල් හිමිවන බවයි වාර්තා වන්නේ.

මැද පෙරදිග රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සහාය ඇතිව, එම රුපියල් කෝටි තුනක වන්දි, වැටුප් හිඟ මුදල් සහ වෙනත් සහන ලබා ගැනීමට අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයට හැකි වූ බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් මියගිය ශ්‍රී ලාංකිකයින්ගේ පවුලේ සාමාජිකයින්ට අදාළ වන්දි ප්‍රදානය කීරිමේ නිල ලිපි බාර දීම විදේශ අමාත්‍යංශයේදී පැවැත්වුණා.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා , විදේශ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා, කොන්සියුලර් කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්වනාත් අපොන්සු මහතා, සංක්‍රමණ පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ ප්‍රධානී සරට් ඩෑෂ් මහතා සහ, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රි ලංකා අධ්‍යක්ෂ සිම්රින් සිං මහත්මිය විසින් මියගිය සංක්‍රමණික සේවකයන්ගේ පවුලේ සාමාජිකයින්ට වන්දි මුදල් සහිත ලිපි භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58