වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මිය යාමේ සිද්ධියට බන්ධනාගාර නියාමකවරුන් තුනක් අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු පළායෑමට උත්සාහ කිරීමේ දී අල්ලාගෙන බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ පසු මියයාමේ සිද්ධියට අදාළව එම බන්ධනාගාරයේ නියාමකවරුන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බොරැල්ල පොලිසිය විසින් ඊයේ (04) අදාළ බන්ධනාගාරයේ නියාමකවරුන් තිදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

පෙරේදා (03) දින පස්වරුවේ මෙම රැඳවියා බන්ධනාගාර එළිමහනේ පවිත්‍රතා කටයුතුවලට යොදවා ඇති අතර, එම අවස්ථාවේ දී ඔහු තවත් රැඳවියෙක් සමඟ බන්ධනාගාරයෙන් පලාගොස් ඇති බවයි වාර්තා වුණේ.

පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ මෙහයුමකින් අනතුරව පැය කිහිපයකට පසු ඔවුන් දෙදෙනා අල්ලා ගැනීමට සමත්ව තිබෙනවා.

එම අවස්ථාවේ දී අදාළ මියගිය රැඳවියා සහ බන්ධනාගාර නිලධාරීන් අතර පොරබැදීමක් සිදුව ඇති අතර, ඉන් අනතුරුව එම රැඳවියා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පසුව එම රැඳවියා පෙරේදා (03) රාත්‍රී 8.37ට පමණ මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කර සිටියා.

මෙලෙස මියගොස් ඇති රැඳවියා මත්ද්‍රව්‍ය චෝදනාවකට අච්චු විඳිමින් සිටි වයස අවුරුදු 40ක බොරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !