මෙරට සෞඛ්‍ය පද්ධතිය නංවාලන්න රුසියාවෙන් පූර්ණ සහාය – ඇමති නලින්දටත් ඇරයුමක්

තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (03) මෙරටට පැමිණි රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු නියෝජිත පිරිස අද (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස හමු වුණා.

මෙම හමුවේ දී මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සහ තාක්ෂණික කරුණු කිහිපයක් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරෙයාන් ද එක්ව සිටියා.

මෙහි දී ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සංවර්ධනය සහ AI තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණයෙන් සෞඛ්‍ය සේවාව බලගැන්වීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු කර ගැනුණා.

මෙම සාකච්ඡාවේ දී දෙරට අතර පැවැති මීත්‍රශීලී සහයෝගිතාවයන් සිහිපත් කළ රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඉදිරියේ දී මෙරට සෞඛ්‍ය පද්ධතිය දියුණූ කිරීමට තම රටේ සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවත්, ලාංකික සහෝදර ජනතාව වෙනුවෙන් වන මිත්‍රශීලී සහයෝගීතාවයන් වර්ධනය කර ගනිමින් සහයෝගීතාවයන් තවත් ඉහළ නැංවීමට බලාපොරොත්තු බව ද පැවසුවා.

රුසියානු සමූහාණ්ඩුව ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින් සිය ජනතාවට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සැලසුම් සහගත ක්‍රමවේද රැසක් අනුගමනය කර තිබෙන බවත්, එහි දී ඊට අවශ්‍ය වෛද්‍ය උපකරණ ද AI තාක්ෂණය ඇතුළු නවීනතම තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති බව ද රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරින් දැනුවත් කළා.

එහි දී කෘෂිකාර්මික ප්‍රදේශයන්හි හා නගර බද ජනතාවගේ විවිධ රෝග 42ක් හදුනාගැනීම සහ විනිශ්චය (රසායනාගාර සේවා සහ ළමා රෝග) කටයුතු සඳහා AI තාක්ෂණය යොදාගනිමින් නිෂ්පාදනය කර ඇති නවීන තාක්ෂණික උපකරණ පද්ධතියක් පිළිබඳව ද අමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කෙරුණා.

රුසියානු සමූහාණ්ඩුවේ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා පද්ධතිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහාත්, නවීන තාක්ෂණික වෛද්‍ය උපකරණ ඇතුළු නවීන AI තාක්ෂණය මුසුකර ගත් නවීන ප්‍රතිකාර සේවා පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහාත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු නිලධාරින්ට රුසියානු සමූහාණ්ඩුවේ නිල සංචාරයකට ඇරයුම් කරන බව ද ඊට අදාළ සියලු කටයුතු සුදානම් කළ හැකි බව ද රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මෙහි දී පැවසුවා.

එමෙන්ම බලශක්තිය ඇතුළු මෙරට පවතින ගැටළුවලින් අත්මිදීම සඳහා මිත්‍රශීලිව සහයෝගය ලබාදීමට සූදානම් බව අවධාරණය කළ මිහායිල් මුරාෂ්කෝ දෙරට අතර ඖෂධ නිෂ්පාදන සහ සැපයුම්දාමය ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව ද මෙහිදි පැවසුවා.

මෙරට වෛද්‍යවරුන් සඳහා වැඩිදුර වෛද්‍ය අධ්‍යාපනයක් ලබාදීමට රුසියාව සූදානම් බවත්, ඉදිරියේ දී රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම මගින් අන්‍යනෝන්‍ය සම්බන්ධීකරණයක් තුළ ප්‍රශස්ත ඉදිරි ගමනක් යා හැකි වනු ඇති බව ද රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙහි දී අදහස් දක්වමින් තෙදින නිල සංචාරයක් සඳහා එක්වෙමින් මෙරට සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීමට අදහස් කිරීම පිළිබඳ සිය ස්තූතිය පුද කරන බව පැවසූ අතර, මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක නවමු වැඩපිළිවෙළ පිළිබඳවත් එහි දී නවීන තාක්ෂණය ඊට අනුගත කිරිමේ අවශ්‍යතාව සහ නවීන තාක්ෂණික උපකරණ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නා.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ප්‍රධාන ආයතනභාර නිලධාරින් සමග ද අමාත්‍යවරුන් දෙදෙනා විශේෂ සාකච්ඡාවක් ද පැවැත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32