දුරගමන් සේවා බස් රථවල ආසන වෙන් කරන්න නව ක්‍රමයක් හඳුන්වා දෙයි (වීඩියෝ)

දුරගමන් සේවා බස් රථවල ආසන, මාර්ගගත ක්‍රමය (ඔන්ලයින්) ඔස්සේ වෙන්කිරීමේ නව වැඩසටහනක් හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

අද (04) දහවල් මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම නව වැඩසටහන හඳුන්වා දෙන බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.

මෙම නියමු ව්‍යාපෘතිය දුරගමන් සේවා සපයන පෞද්ගල්ක බස් රථ මඟින් පළමුව ආරම්භ කරන බවයි ඔහු සඳහන් කර සිටියේ.

එමෙන්ම පොදු ප්‍රවාහනයයේ ගුණාත්මක බව ඉහළ නැංවීමේ අරමුණින් මෙම නව ක්‍රමය හඳුන්වාදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙම ක්‍රමය ඔස්සේ ආසන වෙන් කිරීමේ දී බස් ගාස්තුවට අමතව රුපියල් 30ක ගාස්තුවක් මේ සඳහා අයකරන බවත් අමාත්‍ය බිමල් රත්නායක මෙහිදී අවදාරණය කළා.

මේ අතර මෙම මාධ්‍ය හමුව අමතමින් අදහස් දැක්වූ ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශක සුමුදු රත්නායක සඳහන් කර සිටියේ මෙම නියමු ව්‍යාපෘතියට, අධිවේගී මාර්ගය ඔස්සේ දුරගමන් සේවා සපයන පෞද්ගලික බස් රථ මූලික වශයෙන් සම්බන්ධ කරගෙන ඇති බවයි.

ඒ, අනුව මාකුඹුර – ගාල්ල, මාකුඹුර – මාතර, මාකුඹුර – බදුල්ල, මාකුඹුර – මහනුවර, කොළඹ – අම්පාර, කොළඹ – දෙනියාය, කොළඹ මිද්දෙණිය, කොළඹ – මොණරාගල, කොළඹ – අඟුකොළපැලැස්ස යන මාර්ගවල මෙම ව්‍යාපෘතිය පළමුව ක්‍රියාත්මක කරන බව ඔහු පැවසුවා.

එමෙන්ම මෙම මාධ්‍ය හමුවට එක් වූ ඩිජිටල් පරිවර්තනය ව්‍යාපෘති සාමාන්‍යාධිකාරී ඉශාරි සිරිවර්ධන සඳහන් කළේ, WWW.BUSTICKET.GOV.LK යන වෙඩි අඩවියට පිවිසීමෙන් මෙම ආසන වෙන්කර ගත හැකි බවයි.

ඊට අමතරව 0112 001266 යන අංකය අමතා ආසන වෙන්කර ගැනීම හැකියාව පවතින බවයි ඇය සඳහන් කර සිටියේ.

එමෙන්ම මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ද මෙම ආසන වෙන්කර ගැනීමේ පහසුකම් සලසා ඇති බවත්, ඒ සඳහා උපදෙස් ලබාදීමට පිරිස් එහි සේවයට යොදවා ඇති බවත් ඇය වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !