මත්ද්‍රව්‍ය සමඟ චීවරධාරීන් පිරිසක් මාට්ටු වූ සිද්ධියේ තවත් තොරතුරු එළියට

කුෂ් සහ හෑෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 110කට අධික ප්‍රමාණයක් තායිලන්තයේ සිට මෙරටට රැගෙන එමට උත්සාහ කිරිමේදි ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබු, සැකකාර චීවරධාරීන් 22 දෙදෙනා මැයි 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය නියෝග කළා.

ඒ, අදාළ සැකකාර චීවරධාරීන් පිරිස අද (02) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිද්ධිය පිළිබද විමර්ශන සිදු කරන පොලිස් නිලධාරියා, කරුණු දක්වමින් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ගිහි පුද්ගලයක් වන චන්ද්‍රකුමාර දයාරත්න නැමති පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ලබන 12 වැනිදා දක්වා රැඳවුම් නියෝග ලබා ගත් බවයි.

එම සැකකරු මෙම නඩු 22හිම තුන්වන සැකකරු ලෙස නම් කරන බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම මෙම නඩුවේ සැකකරුවෙක් වන අගුණකොලේ අමිතානන්ද නම් හිමිනම මෙහෙයවනු ලැබුවේ යැයි කියන අඹගස්මුල්ලේ පුන්‍යරතන නම් වු හික්ෂුවක් සම්බන්ධයෙන් ද විමර්ශන කරන බවත් එම භික්ෂුව ද සැඟව සිටින බවත් ඔහු පෙන්වා දුන්නා.

එම භික්ෂුව මෙම නඩුවල සිව්වන සැකකරු ලෙස නම් කරන ලෙසයි පොලිසිය සඳහන් කළා.

තවද තායිලන්තය බලා ගිය චීවරධාරීන් 22 දෙදෙනාට නවාතැන් පහසුකම් සඳහා හෝටල් ලබා දි එරට සිට සිද්ධිය ⁣මෙහෙය වු දම්මරක්කිත නෙහොත් දම්ම නැමැති භික්ෂුවක් ද අත්අඩංගුවට ගැනීමට සඳහා විමර්ශන සිදු කරන බවත් එම භික්ෂුව මෙම නඩුවල 05 වන සැකකරු ලෙස නම් කරන බවත් විමර්ශන නිලධාරීයා අධිකරණය හමුවේ පවසා සිටියා.

සැකකාර චීවරධාරීන් 22 දෙදෙනා ලංකාවට එන විට අදාළ ගමන් මලු සකසා දී ඇත්තේ ද මෙම දම්ම නැමති භික්ෂුව බවත් අදාළ විමර්ශන නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර චන්ද්‍රකුමාර දයාරත්න නැමති සැකකරු රුපියල් ලක්ෂ 50ක මුදලක් සැකකාර අඹගස්මුල්ලේ පුන්‍යරතන නම් හිමිට ලබා දී ඇති අතර, එම මුදලින් රුපියල් ලක්ෂ 32ක් ගුවන් ටිකට් පත් සඳහා වැයකර ඇති බවත්, ඉතිරි මුදලින් ගමන්මලු ගබඩා කර තැබීම සඳහා බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසක් කුලී පදනම මත ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මීලග නඩු වාරයෙ දි එනම් ලබන 12 වැනිදා, චන්ද්‍රකුමාර දයාරත්න නැමැත්තා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිට නියෝගයක් නිකුත් කරන ලෙසත්, දැනට අත්අඩංගුවට ගෙන නැති අඹගස්මුල්ලේ පුන්‍යරතන නම් භික්ෂුවට සහ බෙල්පිටියේ දම්මරක්කිත යන භික්ෂුවට, විදෙස් ගමන් තහනමක් පනවන ලෙස අධිකරණයෙන් ඉල්ලීම් කර ඇති අතර ඒ අනුව අධිකරණය එම ඉල්ලිම්වලට අවසර ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝඩ්ලන්ඩ් ජලාශ වේල්ලෙන් පැ#න පුද්ගලයාගේ නිසල සිරුර හමුවෙයි
01:28
Video thumbnail
ආණ්ඩුව මේ රට වෙනුවෙන් කිසි දෙයක් කරලා නෑ..ජනතාව ගෙන්නන්න පුළුවන් කියලා අපි පෙන්නුවා නොවැම්බර්
02:56
Video thumbnail
දොර ඇරලා බැලුවේ නැත්තම් අද මගේ කෑලිත් නෑ..මහ පාන්දර ඇවිත් අලි දාන සෙල්ලම් මෙන්න
03:28
Video thumbnail
ජනපතිගේ කතාවෙදි සාගර බයවෙච්ච කාරණය සාගර හෙළිකරයි..මේක රටේ නීතිය අවභාවිතාවක්
04:38
Video thumbnail
බස් රථයක් රියදුරුත් නොමැතිව කඩවල්, වාහන කුඩු කරගෙන මනුස්සයෙක් එක්කම පෙරලෙයි
01:49
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්
00:47
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්..මූණත් වහගෙන පෝළිමට එන හැටි
01:11
Video thumbnail
මහින්දානන්ද පදනම සතු දේපල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට.."අපි මේක මහින්දානන්දගේ කාර්යාලය විදියට කළා"
06:31
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04
Video thumbnail
රනිල් - සජිත් එකතුවීම ගැන අහද්දි රාජිත කුපිත වෙයි..තනි නායකයෙකුට ඕනි විදියට වැඩ වෙන්නේ නෑ
06:30