බෙල්ලන්විල රජමහා විහාරයේ ඇසළ මහා පෙරහැරේ සංවිධාන කටයුතු ගැන සාකච්ඡාවක්

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ සංවිධාන කටයුතු සහ අනුග්‍රාහකත්වය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ 76 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යය ජුලි 25 වැනිදා සිට අගෝස්තු 16 වැනිදා දක්වා පැවැත්වෙනවා.

දළදා පෙරහැරට පසු මෙරට පැවැත්වෙන ප්‍රධානම පෙරහැර මංගල්‍යය අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඇසළ මහා පෙරහැර මංගල්‍යය මෙවරද රජයේ සහාය ඇතිව පැවැත්වීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ඒ අනුව මහාභාණ්ඩාගාරයේ අනුමැතියට යටත්ව මහාභාරකාර දෙපාර්තමේන්තුව, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ජාතික ලොතරැයි මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, වරාය අධිකාරිය, ගුවන්තොටුපොල හා ගුවන් සේවා සමාගම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුලු රාජ්‍ය ආයතන රැසක මූල්‍යමය සහාය මේ සඳහා ලබා ගැනීමටද තීරණය කෙරුණා.

බෙල්ලන්විල රජමහා විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල පේමරතන හිමි, විහාරාධිකාරි පූජ්‍ය බෙල්ලන්විල සංඝරතන හිමි සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් නිපුණආරච්චි, බෙල්ලන්විල රජමහා විහාරයේ පෙරහැර කමිටුවේ සභාපති එච්. ඩී. ප්‍රේමසිරි, ලේකම් කේසරලාල් ගුණසේකර, භාණ්ඩාගාරික කිංස්ලි කුමාර, කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුමකලුගේ, බොරලැස්ගමුව නගර සභාවේ සභාපති නිශාන්ත වෙදමුල්ල සහ අනුග්‍රාහක රාජ්‍ය ආයතන රැසක නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සභාපති වූ ඉරාන් ප්‍රථම වරට මාධ්‍යට කිව්ව දේ..අපි ආවේ දේශපාලනයක් කරන්න නෙවෙයි
03:26
Video thumbnail
උමන්දාවේ අලුත්ම වැඩේ බලන්න ගිය හිටපු ජනපති මහින්ද.."පවතින රජයෙන් කිසිම සහයක් අපිට නැහැ"
03:59
Video thumbnail
සජිත්ගේ බිරිඳ ජලනි සජබ මැයි රැළිය ගැන පූර්ණ අධීක්ෂණයක් කරන හැටි..විපක්ෂ නායක ගැම්මට එන හැටි
02:33
Video thumbnail
හෙට හැමෝටම පෙනෙයි කැම්බල් පිටියේ සෙනඟ..ඉවසන් හිටියම ඔළුවට අත හෝදනවා
03:47
Video thumbnail
චාමරට යකා නගියි..SLFP එකේ මෙච්චර කල් අපි පොල් ගාලා නෑනේ..අපිත් ජනපතිලා හදපු මිනිස්සු
02:03
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..මේක නොහැදිච්ච කමනේ..විපක්ෂය කියලා අපිව කොන් කරන්න එපා
02:04
Video thumbnail
ආණ්ඩුව බැලුවේ පාලු ගෙදර වළං බිඳින්න..චාමර සම්පත් ගැම්මට කිව්ව කතාව
02:28
Video thumbnail
රට හොරුන්ට බාරදීපු තත්ත්වය හෙළිකරනවා හෙට..දැවැන්ත මැයි රැලිය හෙට l Ajith Perera
01:36
Video thumbnail
කුඩා දරුවෙකු හා කතක් රෝහල් ගත කළ බස් රථ අනතුර
00:25
Video thumbnail
ඉරාන් ඇතුළු සෙට් එක වැඩ භාරගන්න පැමිණෙන අයුරු
01:27