අද එන බව මුදල් ලේකම් දැනුම් දුන්නේ නැහැ – හර්ෂ ද සිල්වා

විදෙස් රටකට අදාළ ණය ගෙවීමකදී, මහ භාණ්ඩාගාරයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම අද (30) පස්වරුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටින බවට තමාට මේ වන තෙක් දැනුම්දී නොමැති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාට මීට පෙර දැනුම් දී තිබුණේ තමන් අද (30) දිනයේ දී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පෙනී නොසිටින බවටයි.

කෙසේ වෙතත් ඔහු අද දිනයේ දී මුදල් පිළිබඳ කාරක සභාවේ පෙනී සිටින බවට පැතිර යන පුවත් සම්බන්ධයෙන්ෂ් සටහනක් නිකුත් කරමින් හර්ෂ ද සිල්වා කියා ඇත්තේ තවමත් ඒ සම්බන්ධයෙන් තවන්ව දැනුවත් කර නොමැති බවයි.

එමෙන්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම්අවරයා විසින් අද දිනයේ පැමිණීම ප්‍රතික්ෂේප කිරීම සහ තවත් දිනයක් ඉල්ලා සිටීම ඔහු පිළිනොගත් බවත්, ඒ සම්බන්ධයෙන් මම ඔහුට ලිඛිතව දැන්වූ බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සිය X සටහනේ සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්