මුදල් පිළිබඳ කාරක සභාවට එන්නේ නෑ කියූ මුදල් ලේකම්, අද හවස එන ලකුණු

විදෙස් රටකට අදාළ ණය ගෙවීමකදී, මහ භාණ්ඩාගාරයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම අද (30) පස්වරු 1.00 ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වනවා.

කෙසේ වෙතත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඊයේ (29) දිනයේ දී කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, අද දිනයේ දී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පෙනී නොසිටින බවට ලිපියකින් දැනුම්දුන් බවයි.