මැගසින් බන්ධනාගාරයේ ආරවුලකින් රැඳවියෙකු මියයාම ගැන පොලිසියෙන් නිවේදනයක්

මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු මියයාම සම්බන්ධයෙන් පොලිසියෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය මඟින් දන්වා ඇත්තේ, ඊයේ (27) උදෑසන බන්ධනාගාරය තුළ දී රැඳවියන් දෙදෙනෙකු හා බන්ධනාගාර නියාමකවරයෙකු අතර ආරවුලක් සිදුව ඇති බවයි.

එහිදී තිදෙනාම තුවාල ලබා ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් රැඳවියෙකු මිය ගොස් ඇති බවත්, සිද්ධියක් සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් ස්ථානය මගින් මූලික විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි දැනුම් දෙන්නේ.

මෙලෙස මියගොස් ඇති රැඳවියා වයස අවුරුදු 37 ක් වූ නවගම්පුර, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

ඔහු මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි රැඳවියෙක් බව පවසන පොලිසිය, මෙම සිදුවීමට අදාළව බන්ධනාගාර ජේලර්වරයෙකු හා නියාමකවරයෙකු බොරැල්ල පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් දැනුම් දෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිතුමාගේ නියෝග මත කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසාගේ අධීක්ෂණය යටතේ බොරැල්ල පොලිසිය, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය හා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විර්මශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !