බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය අද (24) පෙරවරුවේ පීලි පැනීමට ලක්ව තිබෙනවා.
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් දුම්රිය මන්තීරු දෙකම අවහිරවී ඇති අතර, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය එම ප්‍රදේශයෙන් ඉහළට මෙන්ම පහළට ද බාධා එල්ල වී තිබෙනවා.
දුම්රිය පිලී පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට විශාල හානියක් සිදුව ඇති බව සඳහන්.




















ගමනා ගමනය කියන්නෙ එක වචනයක් (ගමනාගමනය). මාධ්‍ය භාවිතයේදී නිවැරදිව ලිවීමත් වැදගත්.