පාස්කු ප්‍රහාරය සිදු වී අදට වසර හතක සපිරෙනවා.
ඒ, අනුව දිවයිනේ සෑම දේවස්ථානයකම අද (21) විශේෂ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
මෙහි ප්‍රධාන සැමරුම අද (21) පෙරවරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ දී පැවැත්වෙන්නේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.
මේ අතර අද පෙරවරුවේ සෑම දේවස්ථානයකම ප්‍රහාරයේ වින්දිතයින් සැමරීම වෙනුවෙන් මෙම සැමරීම් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ඒ, අනුව මළවුන්ගේ සීනුව නාදකිරීම, විනාඩි 02ක නිශ්ශබ්දතාවය, ඉටිපන්දම් හෝ පොල්තෙල් පහන දැල්වීම, යාඤා මෙහෙය සිදුකිරීම සෑම දෙව්මැදුරකම අද සිදුකිරීමට නියමිතයි.
මේ අතර කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවත්වෙන ප්‍රධාන දේව මෙහෙයට සමගාමීව අද උදෑසන 7.00 සිට එම කටයුතු අවසන් වනතෙක් දේවස්ථානය අවට මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කළේ.













