මිදිගම ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රියේ 11.40ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මිදිගම, ගංගොඩ ප්‍රදේශයේ නිවසක් වෙත පැමිණි පුද්ගලයෙක් නිවසට වෙඩි තැබීමක් සිදුකර නිවසේ නවතා තිබූ මෝටර් රථයකට ද ගිනි තබා අලාභ හානිකර පළාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
T-56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.
වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර, නිවසට අලාභ හානි වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.













