මිදිගම ප්‍රදේශයේ වෙඩි තැබීමක්

මිදිගම ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රියේ 11.40ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මිදිගම, ගංගොඩ ප්‍රදේශයේ නිවසක් වෙත පැමිණි පුද්ගලයෙක් නිවසට වෙඩි තැබීමක් සිදුකර නිවසේ නවතා තිබූ මෝටර් රථයකට ද ගිනි තබා අලාභ හානිකර පළාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

T-56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර, නිවසට අලාභ හානි වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted