දිවයිනට රැගෙන ආ ‘කරන්දෙණියේ රාජු’ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට (වීඩියෝ)

දරුණු ගණයේ අපරාධකරුවකු වන ‘කරන්දෙණියේ රාජු’ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් ඊයේ (17) රාත්‍රියේ ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එනු ලැබුවා.

මෙරටට රැගෙන ආ කරන්දෙණියේ රාජු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නාරාහේන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන යාමටයි පියවර ගෙන තිබුණේ.

ඝාතන ඇතුළු අපරාධ 20 කට අධික සංඛ්‍යාවකට පොලීසියට අවශ්‍යව සිටින සෝබනාහන්දි සනත් ද සිල්වා නොහොත් කරන්දෙණියේ රාජු නැමැති අපරාධකරු ඉන්දියාවේ දී එරට ආරක්ෂක අංශ පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා.

නවදිල්ලි හිදී එලෙස අත්අඩංගුවට ගෙන තිබූ කරන්දෙණියේ රාජු, මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (17) රාත්‍රී 10.30ට පමණ රැගෙන එනු ලැබුවා.

ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කරන්දෙණිය සුද්දා’ නමැත්තාගේ සහෝදරයෙකු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අද උදෑසන තත්ත්වය - කන්න උයපු කෑමත් එක්කම අළුවෙලා තියෙන හැටි
02:06
Video thumbnail
ගුරුවරුන්ට කොකා පෙන්නන්න එන්න එපා - දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා අපි
05:02
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36
Video thumbnail
ත්‍රීවීල් එකක් මතට ගසක් වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් එළොව යයි.."එළියට ගන්න බෑ..හි#රවෙලා"
02:16
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03