දිවයිනට රැගෙන ආ ‘කරන්දෙණියේ රාජු’ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට (වීඩියෝ)

දරුණු ගණයේ අපරාධකරුවකු වන ‘කරන්දෙණියේ රාජු’ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් ඊයේ (17) රාත්‍රියේ ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එනු ලැබුවා.

මෙරටට රැගෙන ආ කරන්දෙණියේ රාජු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නාරාහේන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන යාමටයි පියවර ගෙන තිබුණේ.

ඝාතන ඇතුළු අපරාධ 20 කට අධික සංඛ්‍යාවකට පොලීසියට අවශ්‍යව සිටින සෝබනාහන්දි සනත් ද සිල්වා නොහොත් කරන්දෙණියේ රාජු නැමැති අපරාධකරු ඉන්දියාවේ දී එරට ආරක්ෂක අංශ පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා.

නවදිල්ලි හිදී එලෙස අත්අඩංගුවට ගෙන තිබූ කරන්දෙණියේ රාජු, මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (17) රාත්‍රී 10.30ට පමණ රැගෙන එනු ලැබුවා.

ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කරන්දෙණිය සුද්දා’ නමැත්තාගේ සහෝදරයෙකු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිම වර්ෂාපතනය මාතරට සහ ගාල්ලට - ගංවතුර පවතින ජනතාව සැලකිල්ලෙන් ඉන්න
05:14
Video thumbnail
ඥානසාර හිමිට ජනාධිපති සමාව නෑ..?
05:48
Video thumbnail
කාවන්තිස්සගේ මරණයේ සැකකරුවන් යළි රිමාන්ඩ් - අධිකරණය ඉදිරියේ ගම්මු උණුසුම් වෙයි
04:18
Video thumbnail
අදත් සමහර ප්‍රදේශවලට තද වැසි - ඔර්නබ් කුණාටුව දුර්වල වෙයි
02:59
Video thumbnail
කොළඹ නගරයට අද ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස
01:25
Video thumbnail
ජනපති සජිත්ව හමුවෙලා "අනේ සජිත්මහත්තයෝ මේක බාරගන්න" කියන්න - කට ඇරියොත් ටොම්පච කියන්නේ
06:36
Video thumbnail
සුඛෝපභෝගී වාහනවලින් ඇවිත් හරක් හොරකම් කරන ජාවාරමක් - මෙන්න CCTV දර්ශන එළියට
06:35
Video thumbnail
පොලිස් ඇමති මැ#ණු තරුණයාට වැරැද්ද දාලා ඇඟ බේරගන්නවා - පොලිසිය ගැන විශ්වාසයක් නෑ
05:01
Video thumbnail
තන්තිරිමලේ කඨින මහා පූජ්‍යෝත්සවයට සජිත්ගේ දායකත්වය - සජිත් අසනීප නිසා ජලනි ප්‍රේමදාස ඇවිත්
09:32
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී බිහිසුණු අනතුරක් - මෝටර් රථයට දැඩි අලාභ හානි
00:53