ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීතිවිරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට එම විමර්ශන කටයුතු මාස 6ක් ඇතුළත අවසන් කර, එහි වාර්තාව ලබාදෙන ලෙස ජනාධිපතිවරයා එම කොමිසමට උපදෙස් ලබාදී ඇති තිබෙනවා.
අද (17) පස්වරුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍ය විජිත හේරත් මේ බව සඳහන් කළා.
එමෙන්ම ගල් අඟුරු ආනයනයට අදාළව වංචාවක් හෝ දූෂණයක් සිදුව ඇති බවට කිසියම් තොරතුරක් වෙතොත්, පරීක්ෂණ සඳහා පත් කර ඇති විශේෂ ජනාධිපති කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙසත් අමාතයවරයා වැඩිදුරටත් කියා සිටියේ.













