ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී. පී. රාධක්‍රිෂ්ණන් එළැඹෙන 19 දින සිට 20 දින දක්වා දෙදින නිල සංචාරයක නිරත වීමට මෙරටට පැමිණීමට නියමිතයි.
මෙම සංචාරය අතරතුර, උප ජනාධිපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මෙම නිල සංචාරයේ විශේෂත්වයක් වන්නේ දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවීම ඉලක්ක කරගත් අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමට සැලසුම්කර තිබෙනවා.
එමෙන්ම ඉන්දීය උප ජනාධිපතිවරයා මෙම සංචාරයේදී මෙරට දේශපාලන හා ප්‍රජා නායකයින් හමුවීම සඳහා සංවිධානය කර ඇති වැඩසටහන් කිහිපයකට ද සහභාගී වීමට නියමිතයි.
විශේෂයෙන්ම ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘති සහ ඉන්දීය රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙන බවයි සඳහන් වන්නේ.
ඉන්දීය රජයේ ඉහළ පෙළේ දූත පිරිසක් ද උප ජනාධිපති රාධක්‍රිෂ්ණන් සමඟ මෙම සංචාරයට එක්වීමට නියමිතයි.













