2026 වර්ෂයේ 1 ශ්‍රේණියේ II සහ III වන වාරවලට අදාළ ක්‍රියාකාරකම් පොත් බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව පවසනවා.
ලබන 30 වැනිදා වන විට සියලුම පාසල් වෙත බෙදාහැර අවසන් කිරීමට නියමිත බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
එමෙන්ම 1 ශ්‍රේණිය විෂයමාලා දැනුවත් කිරීම හා ගුරු පුහුණුව, පළාත් ප්‍රාථමික විෂය අධ්‍යක්ෂවරුන්, ගුරු උපදේශකවරුන්, පුහුණුකරුවන් සහ ගුරුවරුන් සඳහා මේ වන විට ලබා දී ඇති අතර අවශ්‍ය අමතර පුහුණු කිරීම් ලබන මස 16 වැනිදා වන විට අවසන් කිරීමට පළාත් අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් දී ඇති බවත් නාලක කලුවැව පවසනවා.
තවද 1 ශ්‍රේණිය, I වන වාරය විෂය කොටස් ආවරණය කිරීමට නොහැකි වූ පාසල් පවතී නම් එළඹෙන II වන පාසල් වාරයේදී එම විෂය කොටස් සම්පූර්ණ කර ගැනීමට විදුහල්පතිවරුන් විසින් කටයුතු කරන බවයි ඔහුගේ නිවේදනයේ සඳහන් වුණේ.













