1 වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ ඉදිරි වාර සඳහා පොත් බෙදාහැරීම ඇරඹේ

2026 වර්ෂයේ 1 ශ්‍රේණියේ II සහ III වන වාරවලට අදාළ ක්‍රියාකාරකම් පොත් බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව පවසනවා.

ලබන 30 වැනිදා වන විට සියලුම පාසල් වෙත බෙදාහැර අවසන් කිරීමට නියමිත බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එමෙන්ම 1 ශ්‍රේණිය විෂයමාලා දැනුවත් කිරීම හා ගුරු පුහුණුව, පළාත් ප්‍රාථමික විෂය අධ්‍යක්ෂවරුන්, ගුරු උපදේශකවරුන්, පුහුණුකරුවන් සහ ගුරුවරුන් සඳහා මේ වන විට ලබා දී ඇති අතර අවශ්‍ය අමතර පුහුණු කිරීම් ලබන මස 16 වැනිදා වන විට අවසන් කිරීමට පළාත් අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් දී ඇති බවත් නාලක කලුවැව පවසනවා.

තවද 1 ශ්‍රේණිය, I වන වාරය විෂය කොටස් ආවරණය කිරීමට නොහැකි වූ  පාසල් පවතී නම් එළඹෙන II වන පාසල් වාරයේදී එම විෂය කොටස් සම්පූර්ණ කර ගැනීමට විදුහල්පතිවරුන් විසින් කටයුතු කරන බවයි ඔහුගේ නිවේදනයේ සඳහන් වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝලිකුට්ටුව කැඩෙනවටත් විද්‍යාඥයෙක් ඉන්නවා කිව්වනේ මාලිමාවේ - පාර්ලිමේන්තු ශ්‍රමදානයට මමත් අහුවුණා
09:37
Video thumbnail
බස් රථ දෙකක් එකට වැ#දී බිහිසුණු අනතුරක් - පස්දෙනෙකු තුවාල ලබා රෝහලේ
01:11
Video thumbnail
ජනාධිපතිගේ ගිණුමේ බාගයක්ම හැකර් පැනලා උස්සලා - බොරුවක් වහගන්න බොරු 100ක් කියන්න වෙලා
09:56
Video thumbnail
නාමල්ගේ කතාව මැද මාමා කෙනෙක් කිව්ව දේට නාමල්ටත් හිනා - හොරුනේ..හොරු හොරුනේ ඉතින්
06:53
Video thumbnail
විනාඩි 5ක් ඇතුළත ඔක්කොම ඇවිලිලා ඉවරයි - සංචාරක හෝටලයක හදිසියේම හටගත් මහ ගින්න
01:22
Video thumbnail
රටේ ගොවියා පාරිභෝගිකයා ගැන හිතන්නේ නෑ - ලාල්කාන්තට යකා නගියි
05:19
Video thumbnail
නොසැලකිල්ල තමයි මේ රටටම බලපාලා තියෙන කිල්ල - බාධා කළොත් තවත් නීතියට යටත් වෙන්න වෙයි
02:48
Video thumbnail
මේ ආණ්ඩුව සමාජයේ පැරදිලා ඉන්නේ - මුළු රටම මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය හා සමානයි..
02:09
Video thumbnail
විවාදයෙන් පසු මුජිබුර් ආණ්ඩුවට සැරටම අමතයි - ඔළු ගණන්වලින් පැරදී හැබැයි එළියේ අපි දිණුම්
02:49
Video thumbnail
රජීව්, සජිත් එක්ක ඩීල් දාලාද ? මේ රටට ආපහු මැතිවරණ නැතිවෙන්න යන්නේ
05:01