ජනාධිපති කාර්යාලයේ දී අලුත් අවුරුදු සැමරුමක්

අලුත් අදහස් සහ සැලසුම් සමඟ නව ජවයකින් යුතුව ජනාධිපතිවරයාගේ ජනතාවාදී වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට කැපවෙමු’යි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ජනාධිපති කාර්ය මණ්ඩලයට ආරාධනා කළා.

ජනාධිපති ලේකම්වරයා මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්ය මණ්ඩලය සමඟ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සැමරුමකට අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමින්.

ජනාධිපති ලේකම්වරයා මෙහිදී කාර්ය මණ්ඩලය වෙත අලුත් අවුරුදු සුබ පැතුම් එක් කරමින් සුහද කතාබහක නිරත වුණා.

අනතුරුව, කාර්ය මණ්ඩලය ඇමතූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වැඩිදුරටත් පෙන්වා දුන්නේ අලුත් අවුරුදු උදාව ගෙවී ගිය වසරේ අතපසුවීම් සහ අඩුපාඩු මගහරවා ගනිමින් අලුත්වන ජීවිත සහ අලුත් ආකල්ප සමඟ ඉදිරියට යාමට ලැබෙන අගනා අවස්ථාවක් බවයි.

රටේ ප්‍රධාන රාජ්‍ය ආයතනය ලෙස ජනාධිපති කාර්යාලය පසුගිය කාලය තුළ ඉටු කළ මෙහෙවර තවදුරටත් පුළුල් කරමින්, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දෙන් පිළිබිඹු කෙරෙන සාමුහිකත්වයේ ගුණාංගයන්ගෙන් ලැබෙන ශක්තියද සමඟ නව ජවයකින් යුතුව ඉදිරියට යාමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා මෙතෙක් ඉටු කළ කාර්යභාරය වෙනුවෙන්ද කාර්යමණ්ඩලයේ සියලුදෙනාට ස්තූතිය පිරිනැමුවා.

ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන කපිල ජනක බණ්ඩර, රෝෂන් ගමගේ ඇතුළු ජනාධිපති කාර්ය මණ්ඩලයේ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23
Video thumbnail
මහ භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් කෙනෙක්ට ගිහින්..නලින්ද සියල්ල එළියට එයි
02:51
Video thumbnail
ජනපති පත්කරපු ලේකම් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
10:28
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන ඇමති නලින්ද කැබිනට් මාධ්‍ය හමුවේදී කට අරියි..එකක්වත් අත් හරින්නේ නෑ
07:08
Video thumbnail
අපි හැමදේම තියාගෙන දේශපාලනයට ආව මිනිස්සු..බොරු කියලා පච කියලා අන්දපු මේ වගේ ආණ්ඩුවක් තවත් නෑ
06:25
Video thumbnail
හයිවේ බස් එකේ වීරයා වෙන්න ගිහින් අන්තිමට නෝන්ඩි වුණ හැටි
01:14
Video thumbnail
සජබයේ ඇමතියෙක් හොරකම් කළා නම් අනිවාර්යෙන් දඬුවම් දෙන්න ඕනි.. l S. M. Marikkar
03:53
Video thumbnail
සංජීවගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
07:22
Video thumbnail
සුරේෂ් සලේ දැඩි ආරක්ෂාවක් මැදින් කොටුව උසාවිය
01:43