ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර අබාධයකට ලක්වීම නිසා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමෙන් ඉවත්වීමට සිදු වූ එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රයිඩන් කාර්ස් වෙනුවට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායට වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක එක්කර ගෙන තිබෙනවා.
ඒ අනුව ඉන්දීය රුපියල් ලක්ෂ 75කට ආසන්න මුදලකට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් ඩිල්ෂාන් මධුශංකව මිලදී ගෙන ඇති බවයි ක්‍රිකට් අභ්‍යන්තර අආරංචි මාර්ග සඳහන් කළේ.
ඩිල්ෂාන් මධුශංක තරගාවලිය සඳහා සභාගි වීමට අද (15) දිනයේ දී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1













