විදුලි ගාස්තුව යළිත් වැඩි කිරීමට ආ යෝජනාව ගැන මහජන අදහස් විමසීම මෙම මාසය තුළ

විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් නැෂනල් සිස්ටම් ඔපරේටර් (පුද්) සමාගම විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබද මහජන අදහස් විමසීම මෙම මාසය තුළ අවසන් කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

මෙවර මහජන අදහස් විමසීම සිදුකරනු ලබන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

ඒ, අනුව යෝජිත ගාස්තු වැඩිවීම පිළිබඳ කොමිසමේ නිර්දේශ ලබන මස මුලදී ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කෙරෙනවා.

නැෂනල් සිස්ටම් ඔපරේටර් (පුද්) සමාගම විසින් 2026 දෙවන කාර්තුව සඳහා තවත් 15%ක විදුලි ගාස්තු වැඩිවීමක් ඉල්ලා යෝජනාවක් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මෙය එම කාර්තුව සඳහාම දැනටමත් ක්‍රියාත්මක කර ඇති 10%ක ගාස්තු සංශෝධනයට අමතරවවීම විශේෂත්වයක්.

විදුලි උත්පාදනය සඳහා දරණ ලද අතිරේක රුපියල් බිලියන 16ක පිරිවැයක් ආවරණය කිරීම සඳහා මෙලෙස තවදුරටත් ගාස්තු වැඩි කිරීමක් සඳහා ඉල්ලීම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !