වවුනියාව, පුදියකෝවිල් ප්‍රදේශයේදී සහෝදරයෙක් විසින් සිය සහෝදරියට පිහියෙන් ඇනීමෙන් තුවාල සිදුකොට ඝාතනය කොට ඇති බව වවුනියාව පූවරසන්කුලම පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ අදාළ සැකකරු ඔහුගේ සහෝදරියක අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාම නිසා සහෝදරයා විසින් සහෝදරියට පිහියෙන් ඇන ඇති බවයි.
තුවාල ලැබු සහෝදරිය වවුනියාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 56 ක් වු පවලරත්තිනම් සෙල්වමලර් නමැති කාන්තාවක්.
ඝාතනය සිදුකළ වයස අවුරුදු 44ක් වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර,සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් පූවරසන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයනවා.













