පළාත් 03කට සහ දිස්ත්‍රික්ක 05කට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද (09) පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ ඉවෙදනයේ සඳහන් වනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවයි එහි සඳහන් වන්නේ.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සුර්යයා, මේ මස 05 වැනිදා සිට 15 වැනිදා දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිතඅක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින අතර අද (09) දින දහවල් 12:12 ට හලාවත, බිංගිරිය, හල්මිල්ලවැව, පඬුවස් නුවර, ගොකරැල්ල, කවුඩු පැලැල්ල, කොප්පවේලි, සහ කිරන්කුලම් යන ප්‍රදේශ වලට හිරු මුදුන් වන බව කාලගුණ නිවේදනයේ සඳහන් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27