කට්ටි පනිමින් සිටි වලස්මුල්ලේ පිංකැටයා විශේෂ මෙහෙයුමකින් මාට්ටු

සොරකම් කිරීම් සහ මංකොල්ලකෑම් 20කට පමණ වරෙන්තු ලබා සිටි පිංකැටයා යන අනුවර්ත නාමයෙන් ප්‍රසිද්ධව සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට වලස්මුල්ල පොලීසියට හැකිව තිබෙනවා.

මෙම සැකකරු වරක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබෙනවා.

කෙසේ වෙතත් වලස්මුල්ල රෝහලට ඔහුව ඇතුළත්කර බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සිටියදී ව සිටියදී ඇති වූ වලස්මුල්ල රෝහල බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සිටියදී පසුගිය පෙබරවාරි 28 වැනිදා ඔහු පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරු එලෙස සැගව සිටියදීත් වලස්මුල්ල ප්‍රදේශයේ සත්ව සායනයකින් මුදල් ලක්ෂ තුනක් සොරකම්කර ඒ ආසන්නයේ තිබු යතුරු පැදියක් ද ගෙන පලාගොස් ඇති අතර අනතුරව වලස්මුල්ල නගරයේ රියදුරු පාසලක නතරකර තිබු බස් රථයක් රාත්‍රී කාලයේ සොරකම් කරගෙන එහි නැගී මාතර බලා ගොස් බස්රථය මාතර බස් නැවතුම්පොළ ආසන්නයේ දමා පලාගොස් තිබෙනවා.

ඒ අනුව සැකකරු මෙලෙස සැගව සිටියදී මොහු අද (08) අළුයම 03ට පමණ පොලීසිය සහ පොලිස් විශේෂ කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සසන් කල්හාර නොහොත් නොහොත් පිංකැටයා නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම සැකකරු අද (08) දින වලස්මුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම ? එක පාරම ගැස්සිලා නැගිට්ටා නේද ?
01:11
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23