මරදන්කඩවල පොලිස් වසමේ කොල්ලකුට්ටිගම ප්‍රදේශයේදී ඊයේ (07) දින රාත්‍රීයේ ජලය සහිත වළකට වැටී පිරිමි ළමයෙක් ජීවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.
ජීවිතක්ෂයට පත්වූ ළමයා අවුරුදු 06 ක් වූ මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචිව සිට තිබෙනවා.
තම සහෝදරයින් දෙදෙනෙක් සහ තවත් මිතුරන් කිහිපදෙනෙක් සමඟ අදාළ දරුවා නිවසට නුදුරින් පිහිටි ඉදිකරමින් පවතින නිවසක පරවියන් ඇල්ලීම සඳහා ගොස් සිටියදී අඩි 07 ක් පමණ ගැඹුරු ආවරණය නොකරන ලද ජලය පිරී තිබූ වළකට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළා.
මරදන්කඩවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
4
+1
+1













