AFC Banner
Empty Ad
Empty Ad

සංචරණ සීමා තවත් දීර්ඝ වන ලකුණු..?

ලබන 21 වැනිදා ලිහිල් කිරීමට නියමිත සංචරණ සීමා තවත් දිගු විය හැකි බවට අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉඟි පලවුණා.

සංචරණ සීමා ලිහිල් කිරීම පිළිබඳ අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවටයි එහිදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පැවසුවේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් වන අවසන් තීරණය ගැනීම සඳහා පාර්ශව කීපයකින් සලකා බැලීම් සිදු කළ යුතු බවටයි.

මීට පෙර සංචරණ සීමා පසුගිය 14 වැනි දින ලිහිල් කරන බව හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා සිටි අතර අවස්ථා කිහිපයකදීම ඔහු ඒ බව තහවුරු කලා.

කෙසේ වෙතත් පැවති තත්ත්වයේ අනතුරුදායක බව දිගින් දිගටම විශ්ලේෂනය කිරීමෙන් අනතුරුව පැවති සීමා තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?