ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් ඉරානයේ ජනතාවට අද (07) දිනයේ දුම්රියෙන් ගමන් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.
ඊශ්‍රායල හමුදාව ඉරාන ජනතාවට අනතුරු අඟවා ඇත්තේ, ඉරාන වේලාවෙන් රාත්‍රී 9:00 දක්වා රට පුරා දුම්රිය භාවිත කිරීමෙන් සහ ගමන් කිරීමෙන් වළකින්න ලෙසයි.
“දුම්රියවල සහ දුම්රිය මාර්ග අසල සිටීම ඔබේ ජීවිතයට අනතුරක්” බවයි එම අනතුරු ඇඟවීමේ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නිදහසේ නෞකාවලට ගමන් කිරීමට ඉඩ නොදුන්නහොත් ඉරානය පුරා සිවිල් යටිතල පහසුකම් ඉලක්කවලට පහර දෙන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ සිදුකළ තර්ජනයයෙන් පසු මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
4
+1
+1
2
+1
1
+1
2













