ආටිමිස් II මෙහෙයුමට එක්ව සිටින ගගනගාමීන් මානව ඉතිහාසයේ ප්‍රථිවියේ සිට ගිය වැඩිම දුර ප්‍රමාණය පසුකරමින් නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
ඒ, 1970 වසරේ අප්‍රේල් මාසයේ දී ඇපලෝ 13 මෙහෙයුම මඟින් තබා තිබූ වාර්තාව අභිබවා යමින්.
ආටිමිස් II යානයේ ගගනගාමීන් සිව්දෙනා ඊයේ (06) චන්ද්‍රයාගේ වඩා දුරින් පිහිටි ප්‍රදේශයට ගමන් කිරීමත් සමඟ මෙම වාර්තාව පිහිටුවනු ලැබුවා.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ ඔවුන් පෘථිවියේ සිට සැතපුම් 252,752ක් දුරට ගොස් ඇති බවයි.
මීට පෙර ඇපලෝ 13 මෙහෙයුමේ දී ප්‍රථිවියේ සිට සැතපුම් 248,655ක් දුර ගමන් කරමින් එම වාර්තාව පිහිටුවා තිබුණා.
ආටිමිස් II යනු ඇපලෝ යුගයෙන් පසු චන්ද්‍රයා වටා ගමන් කරන නාසා හි පළමු මෙහෙයුම වනවා.













