“සමාජයේ ඇති ඇතැම් සංකීර්ණ ගැටලු විසඳාගැනීමට නම් රටක් ලෙස ඩිජිටල් ගනුදෙනු සඳහා ප්‍රවිෂ්ඨ විය යුතුයි”

සමාජයේ පවතින ඇතැම් සංකීර්ණ ගැටලු විසඳාගැනීමට නම් ඩිජිටල් ගනුදෙනු සඳහා රටක් ලෙස ප්‍රවිෂ්ඨ විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජාතික QR ගෙවීම් ප්‍රවර්ධන කිරීමේ වැඩසටහනට අද (06) එක්වෙමින් ජනධිපතිවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ සමාජයට කාර්යක්ෂම දේ වැළඳගැනීමට අවශ්‍ය උත්තේජනය නිලධාරීන් විසින් ලබාදිය යුතු බවයි.

කේෂ්ත්‍රයන් ඩිජිටල් කිරීම තුළින් ඩොලර් බිලියන15ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ ඉලක්කය රජය සතු පවතින බව පැවසූ ජනාධිපතිවරයා, ගනුදෙනු සම්බන්ධයෙන් ඉතා හොඳ සංස්කෘතියක් ඇති මෙරට සමාජයට මෙම නව පද්ධතීන් ප්‍රචලිත කරන්නේ කෙසේ ද යන අභියෝගය රජය සතුව පවතින බවයි පැවසුවේ.

අවිධිමත් ආර්ථිකය විදිමත් ආර්ථිකයක් දක්වා පරිවර්තනය කිරීම සිය අරමුණ බව ද මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

දැන් QR කේතය කිව්වොත් ඔළුවට එන්නේ කුමක් ද ? දැන් QR කේතය කිව්වම ඔලුවට
එන්නේ ඉන්ධන සීමා කිරීමට තියන මෙවලමක්. මෑතක දී මම දැක්කා අපේ
අමාත්‍යවරයෙක් කියනවා QR කේතය හරහා පොහොර ලබාදෙන්න සූදානම් කියලා.
එතකොට සමාජයේ මතයක් ගොඩනැඟුවා ‘පොහොරත් කපන්න තමයි යන්නේ’ කියලා. දැන් එතකොට QR කියන එක අන්තිමට ලඝුවෙලා තියනවා කොතෙන්ට ද
සීමා කිරීම්වලට, දැන් ගනුදෙනුවලටත් ආවොත් කියන්න පුළුවන් දැන් ගනුදෙනු සීමා කිරීමක් ද කරන්න හදන්නේ කියලා. ඒ නිසා මම හිතනවා අපිට දැන් මේ ඩිජිටල්කරණය පිළිබඳව ඩිජිටල් පද්ධතීන් හරහා ගනුදෙනු කිරීම ගැන සමාජයට අධ්‍යාපනික වැඩසටහනකුත් අවශ්‍යයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !