ඇමරිකානු ගුවන් නියමුවා බේරාගත් බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය බොරු – ඉරානය කියයි

ඉරානය විසින් ඇමරිකානු F-15E ප්‍රහාරක යානයක් වෙඩිතබා බිම හෙළීමෙන් පසු අතුරුදන්ව සිටි තම නියමුවා මුදාගත් බවට, ඇමරිකානු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සත්‍ය බව ඉරානය පවසනවා.

ඉරානයේ අල්-අන්බියා මධ්‍යම මූලස්ථානයේ ප්‍රකාශකයා එම මෙහෙයුම අසාර්ථක වූ මෙහෙයුමක් ලෙස විස්තර කර තිබෙනවා.

සර්වබලධාරී දෙවියන්ගේ ආශිර්වාදය සහ දිව්‍ය උපකාරය මෙන්ම ඉරාන හමුදාවන්ගේ කාලෝචිත ක්‍රියාමාර්ග සහ ඒකාබද්ධ මෙහෙයුම් නිසා බිම වැටුණු ප්‍රහාරක නියමුවා බේරාගැනීමට සතුරා දැරූ මංමුලා සහගත උත්සාහයන් අසාර්ථක වූ බවයි ඔහු පවසා ඇත්තේ.

මේ අතර ඉරාන රාජ්‍ය රූපවාහිනිය මෙම සිද්ධිය මධ්‍යම ඉරානයේ ටබාස් හි 1980 දී අසාර්ථක වූ එක්සත් ජනපද ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීමේ මෙහෙයුම වන ඔපරේෂන් ඊගල් ක්ලෝ මෙහෙයුමට සමාන කළා.

ඉරාන ප්‍රහාරයකින් විනාශ වූ ඇමරිකානු F-15E ප්‍රහාරක යානයේ සිටි නියමුවන් දෙදෙනාගෙන් අතුරුදන් වූ නියමුවා ඇමරිකානු හමුදා සිදුකළ විශිෂ්ඨ මෙහෙයුමකින් සොයාගත් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෘෘත් ගිණුමේ සටහනක් තබමින් පැවසුවා.

මේ අතර ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසන්නේ බිම හෙළන ලද එක්සත් ජනපද F-15E ප්‍රහාරක ජෙට් යානයෙන් පසුව සිදු වූ එක්සත් ජනපද ගලවා ගැනීමේ මෙහෙයුමේ දී එක්සත් ජනපද C-130 හමුදා ප්‍රවාහන ගුවන් යානා දෙකක් සහ බ්ලැක් හෝක් හෙලිකොප්ටර් දෙකක් විනාශ වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !