පෙබරවාරි අග භාගයේ පකිස්ථාන ප්‍රහාර ආරම්භ වූ දා සිට ඇෆ්ගනිස්ථානයේ පවුල්වල 27,000 කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බව තලේබාන් ආර්ථික අමාත්‍ය ඩින් මොහොමඩ් හනීෆ් ඊයේ (03) සඳහන් කළා.
දේශසීමා සටන් දිගටම පවතින අතර රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් ක්ෂණික ප්‍රගතියක් පෙන්නුම් නොකරන බවයි විදේ .
පෙබරවාරි 26 වන දින ගැටුම් ආරම්භ වූ දා සිට නුරිස්තාන්, කුනාර්, නන්ගර්හාර්, ලග්මන්, පක්ටියා, කොස්ට්, පක්ටිකා, සාබුල් සහ කන්දහාර් යන පළාත් නවයක පවුල් 27,344 ක් තම නිවාසවලින් ඉවත් වී ඇතැයි හනීෆ් පැවසුවා.
එක්සත් ජාතීන්ගේ ආයතන සහ ආධාර සංවිධාන සමඟ කාබුල්හි පැවති සම්බන්ධීකරණ රැස්වීමකදී කතා කරමින් හනීෆ් අවතැන් වූ පවුල් සඳහා හදිසි ආධාර ඉල්ලා සිටින බවයි.
ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අඛණ්ඩ ෂෙල් වෙඩි ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර හේතුවෙන් පලා ගොස් තිබෙනවා.
නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ සටන් වල පළමු සති දෙක තුළ සිවිල් වැසියන් 76 කට වැඩි පිරිසක් මිය ගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබෙනවා.
දේශසීමා ගැටුම් හේතුවෙන් රටේ 110,000 කට අධික පිරිසක් අවතැන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.













