ගාල්ල – තෙලිකඩ නිවසක දිවිත්ව ඝාතනයක් – සැකකරු අත්අඩංගුවට

ගාල්ල, තෙලිකඩ පොලිස් වසමේ මාවඩවිල, අක්කර 13 ප්‍රදේශයේ දී අද (03) උදෑසන එකම පවුලේ තිදෙනෙකුට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.

මෙම පහරදීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පහරදීමෙන් මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම පවුලේ මිත්තණිය සහ ඇගේ මිණිපිරියගේ ස්වාමිපුරුෂයා බවයි වාර්තා වන්නේ.

පහරදීමෙන් තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ මිණිපිරියගේ දියණිය වන අතර, ඇයගේ එක් අතක් සිරුරෙන් වෙන්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඇය මේ වන විට කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

මෙම අපරාධය සිදුකර ඇත්තේ මියගිය තැනැත්තියගේ අනෙක් දියණියගේ සැමියා බවයි වාර්තා වන්නේ.

එම දියණිය මේ වන විට විදෙස්ගතව සිටින බව පොලීසිය සඳහන් කළා.

අපරාධය සිදුකළ සැකකරු තෙලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු 35 හැවිරිදි උණවටුන, දලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුද වන අතර, ඔහු හිටපු හමුදා සෙබළෙකු බවයි වාර්තා වන්නේ.

පවුල් ආරවුලක් මුල් කරගනිමින් මෙම ඝාතන සිදුකර ඇති බව දැනට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06