අඩ සියවසකට පසු ඇරඹුණු Artemis II සඳ මෙහෙයුම

අවසන් ඇපලෝ මෙහෙයුමෙන් අඩ සියවසකට පසු, සඳ වටා ගමන් කරන පළමු කාර්ය මණ්ඩලය සහිත මෙහෙයුම වන Artemis II මෙහෙයුම ගඟනගාමීන් සිව්දෙනෙකු සමඟ මේ වනවිට අරඹා තිබෙනවා.

මෙරට වේලාවෙන් අද (02) අලුයම 4.00ට පමණ ෆ්ලෝරිඩාවේ කේප් කැනවරල්හි පිහිටි කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් Artemis II යානය සඳ මෙහෙයුම සඳහා සාර්ථකව ගමන් ආරම්භ කළා.

මෙම මෙහෙයුම දින 10 තුළ සිදුකරන අතර, මෙහිදි යානය සඳ මත ගොඩබැසීමක් හෝ කක්ෂගත වීමක් නොවන බවයි වාර්තා වන්නේ.

1972 වසරෙන් පසු මිනිසුන් සඳ වෙත යන මෙම ප්‍රථම අවස්ථාවේදී, මීට පෙර කිසිදු මානවයෙකු අභ්‍යවකාශයේ ගමන් නොකළ තරම් දුරක් ගමන් කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ද මෙම මෙහෙයුම තුළ දී සූදානම්.

මෙම සඳ මෙහෙයුම පසුගිය පෙබරවාරි මාසයේ දී සිදුකිරීමට නියමිතව තිබුණු අතර, යානයේ හීලියම් ප්‍රවාහයේ පැවති ගැටලුවක් හේතුවෙන් එය කල් දැමීමට සිදු වුණා.

මේ අතර ඇමරිකානු ජනාධිපති එරට වේලාවේ ඊයේ (01) රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකළ අතර, එම ප්‍රකාශය ආරම්භ කිරීමට පෙර ඔහු මෙම සඳ මෙහෙයුම සඳහා එක්ව සිටින කණ්ඩායම්වලට ඔහු සුබපැතුම් එක්කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
01:05
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය ගැන GMOA එකෙන් කිව්ව සැර කතාව..සාකච්ඡා ඇලජික් වෙච්ච රජයක් මේක
13:37
Video thumbnail
මුන්ට හැමදාම ඉල්ලීම් ඉල්ලීම්..හෙ#ම ගහපියව් තොපිට..මේ ඔක්කෝටම ලෙඩ්ඩුද පලි
04:35
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
01:10
Video thumbnail
විපක්ෂය ඒකාබද්ධ වුණාට ජනතාව විපක්ෂය එක්ක ඒකාබද්ධ වෙලා නෑ..විපක්ෂ නායකගේ තර්කය සාධාරණ නෑ
03:42
Video thumbnail
දරුණුම නියඟෙට වුණත් අපි සූදානම් වෙලා තියෙන්නේ..රටපුරා ප්‍රදේශවල ජල ගැටලුවක් ඇතිවෙලා
03:31
Video thumbnail
මුන්ට හෙ# ගහනවා..වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
02:46
Video thumbnail
ඩෙංගු මර්දනය කරන්න මාතර විශේෂ මෙහෙයුමක්
01:38
Video thumbnail
ඩෙංගු මර්දනය කරන්න මාතර නගර සභාවෙන් විශේෂ මෙහෙයුමක්
02:00
Video thumbnail
බාල ගල් අඟුරු පිටිපස්සේ ඉන්නේ විජයදාසගේ පුතා..?
05:59