චුන්හුවා තොගයක් මෙරටට ගෙන ආ චීන ජාතිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් එක් කෝටි හැත්තෑ හත් ලක්ෂයක් වටිනා, විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගීන් දෙදෙනෙක්, අද (01) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සකක්රුන් දෙදෙනා 36 හැවිරිදි සහ 37 හැවිරිදි වියේ පසුවන, ශ්‍රී ලංකාවට පළමු වරට පැමිණි චීන ජාතිකයන් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.

ඔවුන් අද අලුයම 12.20 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට, තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු 05 ක් තුළ , චීනයේ නිෂ්පාදිත “චුන්හුවා” ( Chunghua ) , “ගුයියාන්”
( Guiyan ) සහ “සෙප්ටූලව්ස් ” (Septwoloves ) යන වර්ග වල දුම්වැටි 118,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 590 ක් සගවා ගෙන ගෙනවිත් තිබූ බවයි වාර්තා වන්නේ.

මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිදු කරනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.24
00:00
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල, කථානායක ඇතුළු ප්‍රබලයෝ එකට හමුවූ තැන
01:34
Video thumbnail
විදුලි සැර වැ# කාන්තාවක් එළොව යයි
01:08
Video thumbnail
චමින්ද - නාමල් උදෙන්ම පාර්ලිමේන්තුවේ පැටලෙයි..හොරකම ගැන පැහැදෙනකොට ඇමතිට දුක ඇති
09:37
Video thumbnail
චීන ජාතිකයාගේ සිරුර රැගෙන ආ බවට සැක කරන සැප රියක් හමුවෙයි
01:35
Video thumbnail
විපක්ෂ නායක කාර්යාලයට යන්න හිතුවේ නෑ..හැබැයි යන්න වුණා - නාමල් සැරටම කිව්ව කතාව
07:47
Video thumbnail
බයක් නැතුව පන්න පන්න වෙ# තියපු හැටි
01:07
Video thumbnail
දෙමටගොඩ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - බයක් නැතුව පන්න පන්න වෙ# තියපු හැටි
01:37
Video thumbnail
විදුලි සැර වැ# කාන්තාවක් එළොව යයි - බුත්තලින් ඇසුණු හද කම්පා කරන පුවත
01:32
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල, කථානායක එකට හමුවූ තැන - දෙන්නා හිනාවෙවී බර කතාවක්
16:45