දිවයින පුරා ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය ජාවාරම සහමුලින්ම මැඩපැවැත්වීම අරමුණු කර ගනිමින් පසුගිය වසරේ ඔක්තෝම්බර් 30 වන දින සිට ක්‍රියාත්මක කරනු ලබන “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ එම මෙහෙයුම ආරම්භ වූ දිනයේ සිට ඊයේ (26) දිනය දක්වා, එම මෙහෙයුමට අදාළ සමස්ථ වාර්තාවක් පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.
මෙහෙයුමේ ආරම්භක දිනය වූ ගිය වසරේ ඔක්තෝම්බර් මස 30 වන දින සිට ඊයේ (26) දිනය දක්වා, එම මෙහෙයුමට අදාළව සමස්ත සැකකරුවන් 133,345ක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, සැකකරුවන් 2391 දෙනෙක්ට රැඳවුම් නියෝග ලබා ගෙන ඇති බවත්, පොලිසිය විසින් නිකුත් කළ එම වාර්තාවේ සඳහන්.
එමෙන්ම ඊයේ දිනය දක්වා එම මෙහෙයුමට අදාළව වැටලීම් 134,245ක් සිදුකර තිබෙනවා.
තවද එම මෙහයුම් යටතේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 1074ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1942ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 271ක් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවත් වාර්තාවේ සඳහන් වනවා.
පොලිසිය විසින් නිකුත් කර තිබෙන එම සමස්ත වාර්තාව පහතින්,














