තාත්තයි පුතයි එකට බීලා තාත්තා පුතාව ඝාතනය කරලා

මහකුඹුක්කඩවල පොලිස් වසමේ සොහොන්කල්ම ප්‍රදේශයේ ඊයේ (26) රාත්‍රී කාලයේ මනුෂ්‍ය ඝාතනයක් සිදුව තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සොහොන්කල්ම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 26ක අයෙක්.

මෙම පුද්ගලයා තම පියා සමඟ නිවසේ මත්පැන් පානය කරමින් සිටිය දී ඇති වූ ආරවුලක් මත පියා විසින් මොහුට පොරවකින් පහර දී මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ආණමඩුව රෝහලට රැගෙන යාමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

අපරාධය සිදුකළ 63 හැවිරිදි සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇති අතර, මහකුඹුක්කඩවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

  1. මාරයාගෙ උවනාවන් තමා ඔය. මෙතරම් ධර්මය පවතින රටේ මේ තරම් පවුකාර මිනිසුන් සිටීම පාපයක්. මත්පැන් පානයට ධර්මයෙන් විනය නීතියක් දාලා තියෙන්නෙ ඔය වගේ මාරාවේශ වන බව භාග්‍යවතුන් වහන්සේ දැක්ක නිසාම බව මේවා ධර්මයට ගලපා බලද්දි හොඳින් අවබෝධ වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39