යල කන්නයට අවශ්‍ය පොහොර සංචිත ප්‍රමාණවත් පරිදි පවත්වාගෙන යාමට ජනපතිගෙන් උපදෙස්

මෙවර යල කන්නයේ දී ගොවි ජනතාවට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයිය හැකි අන්දමින්, වෙළෙඳපොළ තුළ ප්‍රමාණවත් පොහොර සංචිත පවත්වාගෙන යාමට කෘෂිකර්ම අමාත්‍යාංශය සහ පෞද්ගලික සමාගම් ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් දෙනු ලැබුයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සහ පොහොර ආනයන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේදීයි.

මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් සැපයුම් ජාලවලට එල්ල වී ඇති බාධා හමුවේ මෙවර යල කන්නයේ වී වගාව සහ අනෙකුත් බෝග සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි වෙළෙඳපොළ තුළ පවත්වාගෙන යාම සහ ඒ වෙනුවෙන් ගතයුතු කඩිනම් පියවර පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

2026 යල කන්නයේ දී කුඹුරු හෙක්ටයාර් ලක්ෂ පහමාරක් අස්වැද්දීමට සැලසුම් කර තිබෙනවා.

වී වගාව සඳහා යූරියා මෙට්‍රික් ටොන් 83,000ක් සහ අනෙකුත් වගා සඳහා මෙට්‍රික් ටොන් 42,000ක් බැගින් යූරියා මෙට්‍රික් ටොන් 125,000ක් මෙවර යල කන්නය වෙනුවෙන් අවශ්‍ය බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

යල කන්නය ආරම්භ වූ මාර්තු පළමුවනදා වන විට සමාගම් සතුව මෙට්‍රික් ටොන් 95,000ක් සහ බෙදාහරින්නන් සතුව මෙට්‍රික් ටොන් 7,000ක් ද ලෙසින් යූරියා මෙට්‍රික් ටොන් 102,000ක් පැවති නමුත්, පසුගිය සති දෙක තුන තුළ එයින් මෙට්‍රික් ටොන් 27,000ක් පමණ නිකුත් කර තිබෙන බවත්, ඒ අනුව මාර්තු 17 වනදා වන විට සමාගම් සතුව ඉතිරිව ඇත්තේ යූරියා මෙට්‍රික් ටොන් 68,000ක් පමණක් බවත් මෙහිදී සඳහන් කෙරුණා.

පසුගිය වසරේ මාර්තු මාසය හා සැසඳීමේ දී මෙම මාර්තු මාසයේ දී නිකුත් කිරීමට නියමිතව තිබුණේ යූරියා මෙට්‍රික් ටොන් 11,000ක් පමණක් වුව ද පොහොර හිඟයක් ඇති වනු ඇති බවට වූ මතයෙන් පොහොර තොග රැස් කිරීම නිසා මෙට්‍රික් ටොන් 27,000ක් අළෙවි වී තිබෙන බවත් මෙහිදී අනාවරණය වුණා.

එමෙන්ම, තවත් යූරියා මෙට්‍රික් ටොන් 77,000ක් ඇනවුම් කර තිබූ බවත්, එයින් 37,000ක් මැදපෙරදිග රටවලින් පැමිණීමට නියමිතව තිබූ හෙයින්, ඒ පිළිබඳ අවිනිශ්චිතතාවක් පැවතියද, ඉතිරි මෙට්‍රික් ටොන් 40,000න් මෙට්‍රික් ටොන් 21,000ක් මෙම මාර්තු මස අගදී හෝ අප්‍රේල් මස මුලදී මෙරටට පැමිණීමට නියමිත බව තහවුරු කර තිබෙන බව ද අනාවරණය වුණා.

අවශ්‍ය ඉතිරි පොහොර තොග ආනයනය කිරීමේ සැලසුම් මෙන්ම ඉදිරි මාස 03ක් සඳහා ප්‍රමාණවත් පොහොර සංචිත නිසි කළමනාකරණයකින් යුතුව පවත්වාගෙන යාම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර, එහිදී පොහොර සමාගම්වලින් ලබා හැකි දායකත්වය පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා විමසා ලැබුවා.

වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර අඛණ්ඩව සැපයීම රටේ ආහාර සුරක්ෂිතතාව පවත්වාගෙන යාමේදී වැදගත් සාධකයක් බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක, වී සහ එළවළු ආදී කෙටිකාලීන බෝගවලට එහිදී ප්‍රමුඛතාව ලබා දීමේ වැදගත්කමද පෙන්වා දුන්නා.

පසුගිය සමයේ සමාගම්වලට අය විය යුතු ගෙවීම් නිසි පරිදි නොලැබීම නිසා මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී පොහොර සමාගම් නියෝජිතයන් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර, එම ගෙවීම් කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා.

ඒ, අනුව ඉදිරි මාස 03 සඳහා අවශ්‍ය පොහොර සංචිත වෙළෙඳපොළ තුළ පවත්වාගෙන යාම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට මෙහිදී පොහොර සමාගම් ජනාධිපතිවරයා වෙත එකඟතාව පළ කළා.

එමෙන්ම, ඉදිරියේ දී මෙවන් අර්බුදකාරී අවස්ථාවලට මුහුණ දිය හැකි අන්දමින් සැලසුම් සකස් කිරීමටත්, එහිදී රජය, පොහොර සමාගම් සහ ගොවි ජනතාව යන පාර්ශ්ව තුනෙහිම යම් කැප කිරීමක අවශ්‍යතාවත් ජනාධිපතිවරයා විසින් අවධාරණය කරන ලද අතර, ඒ සඳහා අදාළ සමාගම් නියෝජිතයන්ගේ සහයෝගය අගය කරන බව ප්‍රකාශ කරනු ලැබුවා.

ස්වාරක්ෂිත තොග පවත්වාගෙන යාම සඳහා කොළඹ නගරය ආශ්‍රිතව ගබඩා පහසුකම් වැඩිදියුණු කිරීම, පොහොර ආනයනය සඳහා ණය පහසුකම් සැපයීම ආදී පසුගිය ආහාර සුරක්ෂිතතා කමිටුව වෙත ඉදිරිපත් කෙරුණු යෝජනා පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරුණා.
.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40