AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා මළ සිරුර පැත්තකට විසි කර ප්‍රභූ මළ සිරුරුක් ආදාහනය කරලා

මතුගම පාන්තිය ආදාහනාගාරය ආදාහනය කිරීම සඳහා තැන්පත් කර තිබූ කොරෝනා ආසාදිත වූ අයෙකුගේ මළ සිරුරක් ඉහළින් ආ දැනුම්දීමක් මත ආපසු පිටතට ගෙන ප්‍රභූ රථයකින් රැගෙන ආ වෙනත් මළසිරුරක් ආදාහනය කර ඇතැයි පුවතක් වාර්තා වෙනවා.

කොරෝනා ආසාදිතව මියගිය 93 හැවිරිදි කාන්තාවගේ සිරුර ආදාහනය කිරීමට රෝහල් ගිලන් රථයෙන් පැමිණ ආදාහනාගාරයේ තැන්පත් කර තිබියදී මෙම සිදුවීම සිදුව තිබෙනවා.

මතුගම ප්‍රදේශයේ මල් ශාලාවකට අයත් ප්‍රභූ අවමංගල රථයකින් ගෙන ආ මළසිරුරක් ආදාහනය කිරීම සඳහා කොරෝනා මළ සිරුර නැවත පිටතට ගෙන ගිලන් රථයේ තැන්පත් කිරීමට සෞඛ්‍ය සේවකයන් කටයුතු කර තිබෙනවා.

මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අසරණ වී ඇත්තේ ඔවුනට ඉහළින් පැමිණ තිබූ නියෝගයක් හේතුවෙන්.

සෞඛ්‍ය සේවකයන් සඳහන් කරන්නේ මේ හේතුවෙන් පැය දෙකකට අධික කාලයක් මළසිරුර ගිලන් රථයේ ඒ තැන්පත් කර තිබීමෙන් ගිලන් රථය තවත් සේවයක් සඳහා යොදා ගැනීමට තිබූ අවස්ථාවක් මඟ හැරී ගිය බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?