කොරෝනා මළ සිරුර පැත්තකට විසි කර ප්‍රභූ මළ සිරුරුක් ආදාහනය කරලා

මතුගම පාන්තිය ආදාහනාගාරය ආදාහනය කිරීම සඳහා තැන්පත් කර තිබූ කොරෝනා ආසාදිත වූ අයෙකුගේ මළ සිරුරක් ඉහළින් ආ දැනුම්දීමක් මත ආපසු පිටතට ගෙන ප්‍රභූ රථයකින් රැගෙන ආ වෙනත් මළසිරුරක් ආදාහනය කර ඇතැයි පුවතක් වාර්තා වෙනවා.

කොරෝනා ආසාදිතව මියගිය 93 හැවිරිදි කාන්තාවගේ සිරුර ආදාහනය කිරීමට රෝහල් ගිලන් රථයෙන් පැමිණ ආදාහනාගාරයේ තැන්පත් කර තිබියදී මෙම සිදුවීම සිදුව තිබෙනවා.

මතුගම ප්‍රදේශයේ මල් ශාලාවකට අයත් ප්‍රභූ අවමංගල රථයකින් ගෙන ආ මළසිරුරක් ආදාහනය කිරීම සඳහා කොරෝනා මළ සිරුර නැවත පිටතට ගෙන ගිලන් රථයේ තැන්පත් කිරීමට සෞඛ්‍ය සේවකයන් කටයුතු කර තිබෙනවා.

මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අසරණ වී ඇත්තේ ඔවුනට ඉහළින් පැමිණ තිබූ නියෝගයක් හේතුවෙන්.

සෞඛ්‍ය සේවකයන් සඳහන් කරන්නේ මේ හේතුවෙන් පැය දෙකකට අධික කාලයක් මළසිරුර ගිලන් රථයේ ඒ තැන්පත් කර තිබීමෙන් ගිලන් රථය තවත් සේවයක් සඳහා යොදා ගැනීමට තිබූ අවස්ථාවක් මඟ හැරී ගිය බවයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28