ආනයනික කිරිපිටි සහ තිරිඟු පිටි මිල ඉහළ නොදැමීමට සමාගම්වලින් තීරණයක්

ආනයනික කිරිපිටි මිල සහ තිරිඟු පිටි මිල කිසිසේත් ඉහළ නොදමන බවට කිරිපිටි ආනයනකරුවන් හා තිරිඟු පිටි සමාගම් පවසා තිබෙනවා.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සමඟ අද (23) පැවති සාකච්ඡාවකදීයි ඔවුන් මේ බව පවසා ඇත්තේ.

පවතින යුදමය තත්ත්වය හේතුවෙන් සැපයුම් හා බෙදාහැරීමේ ජාලයන්ට එල්ල වී ඇති බලපෑම් හා අඛණ්ඩ සැපයුමක් පවත්වා ගෙන යාම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කිරිපිටි ආනයනකරුවන් සහ තිරිඟු පිටි ආනයන සමාගම් අද (23) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයට කැඳවා තිබුණා.

ඉන්ධන මිල ඉහළ යාම සහ ඩොලරයේ අගය තම නිෂ්පාදන පිරිවැයට යම් බලපෑමක් එල්ල කළ ද මෙම අසීරු අවස්ථාවේ ජනතාව වෙනුවෙන් රජය සමඟ එක්ව ජනතාවට යම් සහනයක් ලබාදීම අපේක්ෂාව බව එම සමාගම් පැවසුවේ.

ඒ හේතුවෙන් තවත් මාස තුනක කාලයකට ප්‍රමාණවත් ආනයනික කිරි පිටි හා තිරිඟු පිටි තොග සැපයීම පිළිබඳ සහතික විය හැකි බවත්, එළඹෙන අලුත් අවුරුදු සමය අවසන් වන තෙක් කිසිදු ආකාරයක මිල වැඩි කිරීමක් සිදු නොකරන බවත් ආනයනික කිරිපිටි සමාගම් සහ තිරිඟු පිටි සමාගම් අමාත්‍යවරයා වෙත තහවුරුවක් ලබා දුන්නා.

එමෙන්ම ඉන්ධන කෝටාව නිසා බෙදා හැරීම්වලට බලපෑම් එල්ල වී ඇති බව ආනයනික කිරි පිටි හා තිරිඟු පිටි සමාගම් මෙහිදී අමාත්‍යවරයාට පෙන්වාදෙන දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද රෑ කොළඹට වෙන්න යන දේ..
03:17
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
01:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන මහ බැංකුවේ අධිපති නන්දලාල් හෙළිකරයි..එයාලා සිස්ටම් වෙනස් කරලද දන්නේ නෑ
07:07
Video thumbnail
ගුරුවරියකගේ නොසැලකිල්ල නිසා සිඟිත්තියකට වුණ දේ..
10:22
Video thumbnail
මෙහෙම අනුබලදීම ම#ණ දණ්ඩනය ලැබිය යුතු වරදක්..අල්ලස් එකට යද්දි අන්තිම කැමති පත්‍රයත් ලියලා යන්න වෙලා
07:12
Video thumbnail
නාච්චදූව ජලාශයේත් වාන් දොරටු විවෘත කරයි
01:35
Video thumbnail
වැදි බණ දෙසන්න එපා ජනාධිපතිතුමා - අපි කොණ්ඩේ බැඳපු චීන්නු නෙමෙයි
06:12
Video thumbnail
ටිල්වින්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් මරික්කාර් එළියට දායි
09:49
Video thumbnail
"අවුරුදු 40ක් තිස්සේ අපි මේ දුක තමයි විදින්නේ"..මහ වැස්සෙන් කළුතර නිවාස රැසක් ජලයෙන් යටවෙයි
02:47
Video thumbnail
නීතියට උඩින් ඉන්න මාලිමා සෙට් එකේ නම් ටික සංජීව රටටම හෙළිකරයි
09:34