මෙවර රාමසාන් සමරන්නට සිදුව ඇත්තේ ලෝකයම දුෂ්කර හා අභියෝගකාරී තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවකයි

මෙවර ඊදුල් ෆිතර් උත්සවය සමරන්නට සිදුව ඇත්තේ සමස්ත ලෝකයම දුෂ්කර සහ අභියෝගකාරී තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවක බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඉස්ලාම් බැතිමතුන් අද (21) දිනයේ හරසරින් සමරනු ලබන රාමසාන් උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මෙම රාමසාන් මාසයේ පිරූ වත්පිළිවෙත් සහ යාඥාවේ ආශිර්වාදයෙන් මෙම තත්ත්වය කඩිනමින් පහව ගොස් සියලු දෙනා අපේක්ෂා කරන, සියලු දෙනාගේ අයිතිවාසිකම් සහ නිදහස සුරැකෙන, සාමය, සෞභාග්‍යය රැඳෙන සහජීවී ලෝකය බිහි වේවා’යි ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවුඩයෙන් වැඩිදුරටත් දක්වා තිබෙනවා.

එමෙන්ම, සෙසු අභියෝගවලට සාර්ථකව මුහුණ දුන්නා සේ මෙම අභියෝගයට ද අභීතව මුහුණ දෙමින්, එය මනාව කළමනාකරණය කර, මෙරට ආර්ථිකයත්, ජන ජීවිතයත් පීඩාවකින්, බිඳවැටීමකින් තොරව ඉදිරිගාමීව පවත්වාගෙන යාම වෙනුවෙන් රජයක් ලෙස තිර අදිටනින් යුතුව කැප වී සිටින බවයි ඔහු එම පණිවුඩයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවුඩය පහතින්..

ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් විසින් මාසයක් පුරා උපවාස ශීලය රකිනු ලැබීමෙන් අනතුරුව නව සඳ බැලීමෙන් පසු සැමරෙන ඊදුල් ෆිතර් උත්සවය ඉස්ලාමීය ආගමික දින දර්ශනයේ අතිශය වැදගත් අවස්ථාවකි.
ඉස්ලාම් ධර්මය ගොඩනැගී ඇති කුලුනු පහෙන් එකක් වන රාමසාන් උපවාසය පිළිබිඹු කරන්නේ ලෞකික ආශාවන්ගෙන් දුරස් වී පරිත්‍යාගය සහ අල්පේච්ඡත්වය සහිත පරමාදර්ශී පිළිවෙතක පිහිටීමේ වැදගත්කමයි.
රාමසාන් සැමරුම සමස්ත ලෝක ප්‍රජාවට ඉතාම වැදගත් මානුෂීය සහ සමාජයීය පණිවිඩ රැසක් රැගෙන එන්නකි. රාමසාන් සැමරුමේ මුදුන් අර්ථය බැතිමතුන්ගේ හදවත් තුළ සහකම්පනය රෝපණය කිරීමයි. එනම්, අනෙකාගේ කුසගින්න, එහි වේදනාව තමන්ගේ අත්දැකීමක් කර ගනිමින් සහකම්පනීය සහ සහෝදර හැඟීමෙන් අනෙකාව වැළඳගැනීමට නොපැකිළෙන පුද්ගලයන් ගොඩනැඟීමයි. එම කාලය තුළ රාමසාන්හි සෙසු අර්ථ වන, සාමය, සමානාත්මතාව, සහජීවනය යන උතුම් ගුණාංගවලින් බැතිමතුන්ගේ චර්යාව පෝෂණය වේ. ඔවුන් පුරා මාසයක කාලයක් රාමසාන් උපවාස පිළිවෙත් ඉටු කරන අතර, එම කාලය ඔවුන්ගේ අධ්‍යාත්මික සුපෝෂණය සඳහා වන කාලයයි. එබැවින්, රාමසාන් සමය යනු ලෝකයට ජීවනාදර්ශයෙන් මනුෂ්‍යත්වයේ පාඩම සහ සහෝදරත්වය කියා දෙන සමයකැ’යි මම විශ්වාස කරමි.
මෙවර ඊදුල් ෆිතර් උත්සවය සමරන්නට සිදුව ඇත්තේ සමස්ත ලෝකයම දුෂ්කර සහ අභියෝගකාරී තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවකය. මෙම රාමසාන් මාසයේ පිරූ වත්-පිළිවෙත් සහ යාඥාවේ ආශිර්වාදයෙන් මෙම තත්ත්වය කඩිනමින් පහව ගොස් සියලු දෙනා අපේක්ෂා කරන, සියලු දෙනාගේ අයිතිවාසිකම් සහ නිදහස සුරැකෙන, සාමය, සෞභාග්‍යය රැඳෙන සහජීවී ලෝකය බිහි වේවා’යි මම ප්‍රාර්ථනා කරමි.
එමෙන්ම, සෙසු අභියෝගවලට සාර්ථකව මුහුණ දුන්නා සේ මෙම අභියෝගයටද අභීතව මුහුණ දෙමින්, එය මනාව කළමනාකරණය කර, මෙරට ආර්ථිකයත්, ජන ජීවිතයත් පීඩාවකින්, බිඳවැටීමකින් තොරව ඉදිරිගාමීව පවත්වාගෙන යාම වෙනුවෙන් අපි රජයක් ලෙස තිර අදිටනින් යුතුව කැප වී සිටිමු.
භේද පසෙකලා එම වැඩපිළිවෙළ සමඟ මුළු බඳිමින් ඊට අවැසි සවිමත් අත්වැල සපයන ලෙසට සෑම සියලු දෙනාට ආරාධනා කරමින්, ශ්‍රී ලාංකික මෙන්ම ලෝ වැසි සහෝදර මුස්ලිම් ජනතාවට සාමය සහ සංහිඳියාව සපිරි ඊදුල් ෆිතර් දිනයක් වේවා’ යි මාගේ හෘදයාංගම සුබපැතුම් පිරිනමමි.
ඊද් මුබාරක්!
අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2026 මාර්තු 21 වන දින

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40