මරණ දඬුවම නියම වී සිටි විවෘත වරෙන්තුකරුවෙක් අත්අඩංගුවට

2003.03.05 වන දින ඇල්පිටිය පොලිස් වසමේ දිවිතුරුවත්ත ප්‍රදේශයේ දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකර කැබ් රථයක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව වරදකරු වී සිටි චූදිතයෙකුට බලපිටිය මහාධිකරණය මගින් මරණ දඩුවම නියම කර තිබෙනවා.

ඇල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව මෙම චූදිතයා වන විවෘත වරෙන්තුකරු ඊයේ (16) පස්වරුවේ පත්තිනිගමුව ප්‍රදේශයේ දී ඇල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු වරෙන්තුකරු වයස අවුරුදු 44ක වන ඇල්පිටිය, පුවක් ගොඩැල්ල, ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !