රන්වලගේ වරෙන්තුව යළි කැඳවයි – චෝදනාවලට නිවැරදිකරු බව අධිකරණයේ දී කියයි

රිය අනතුරක සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ලබා සිටි හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක රන්වලට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවූ මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙර ඇප මත මුදා හැරීමට අද (16) නියෝග කළා.

මෙම සිද්ධියට අදාළව නීතිඥ පසන් ගුණරත්න සහ ප්‍රේමසිරි පෙරේරා විසින් ඉදිරිපත් කරන ලද මෝසමක් මගින් සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද (16) අධිකරණයට භාරවීමෙන් පසු මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

හෙයියන්තුඩුව, දෙනිමුල්ල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට කුත් 13 වනදා වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

ඒ ඔහු එදින අධිකරණය හමුවේ කැඳවූ නඩුවට ඉදිරිපත් වීම හේතුවෙන්.

එදින සපුගස්කන්ද පොලිසියේ රථවාහන අංශය විසින් සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව ගොනු කළ චෝදනා පත්‍රය මන්ත්‍රීවරයා ඉදිරියේ අද (16) කියවනු ලැබූ අතර, එම චෝදනාවලට ඔහු නිවැරදිකරු බවට සඳහන් කළා.

රිය අනතුරක් වළක්වා නොගැනීම, අපරීක්ෂාකාරීව රිය ධාවනය කිරීම, බරපතල තුවාල සිදුකිරීම, සුළු තුවාල සිදුකිරීම සහ ධාවනයට නුසුදුසු වාහනයක් ධාවනය කර බරපතල තුවාල සිදුකිරීම යන චෝදනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව ගොනු කර තිබූ චෝදනායි.

එහි වැඩිදුර විභාගය එළඹෙන ජුලි මස 10 වන දිනට කල් තැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
11
+1
0
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
යුද්ධයට අණදුන් හමුදාපතිවරු රණවිරු සැමරුමට ආ හැටි
01:44
Video thumbnail
විමල්ට මල් තියන්න නොදුන් රජය ත්‍රස්තවාදීන් සමරන්න දුන්නා..තවත් ප්‍රභා කෙනෙක් ජනිත වීම වළක්වන්න බෑ
06:56
Video thumbnail
චාමර සම්පත්ගේ කතාවෙන් ප්‍රසාද්ට හොඳටම හිනා
13:22
Video thumbnail
සුජීව නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - "මට බනිනවා උඹට පාන්ද කියලා,අපිට නෙවෙයි පාන්"
08:23
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:04:28
Video thumbnail
නාමල්ව ම##න මට පුළුවන් - අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
01:37
Video thumbnail
උසාවියට ආ චාමර සම්පත් කිව්ව දේ.."ඔයාගේ රස්සාව අපෙත් මේක රස්සාව තමයි..රණවිරු සැමරුමට අපිට කියලා නෑනේ"
01:27
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04